බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාලතැන්නේ කපුවාගේ වාහන 17ක පුද්ගලික වාහන අංගනයක් තුළ සැකකටයුතු හොර වාහන 07ක්… පොලිසිය විමර්ශන අරඹයි!

by editor
නොවැම්බර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගාමිණී ආනන්ද හෙවත් ගාල්තැන්නේ කපුවා සතුව ඇති සුඛෝපභෝගී වාහන 17ක් සහිත පුද්ගලික වාහන අංගනයක ඇති වාහන 07ක් නීත්‍යානුකූලව පදනමක් නැති හොර වාහන බව පොලිස් විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

දිගන නිවසක ඇති සැක කටයුතු වාහනයක් අත් අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේ දී ලොහාන් රත්වත්ගේ සිය දිවි නසා ගත් බව කියන පුද්ගලික ලේකම්වරයා දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් සිය නිවසට කෝටි හතරකට ආසන්න වටිනාකමක් සහිත සුඛෝපභෝගී වාහනය ගෙනත් දැමූ බව කියමින් ඊයේ (01) පොලිසියට වංගු ගසන්නට උත්සාහ කරනු ලැබුවේ මෙම ගාල්තැන්න කපුවාගේ පුතාගේ පුතා විසිනි.

කපුවාගේ පුතා විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ගිනුමට බැර කරන්නට උත්සාසහ කළ එම මිට්ෂුබිෂි ජිප් රථය පෙරේදා (31) පස්වරුවේ තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මුලින්ම ලොහාන් රත්වත්තට අයත් යැයි සිතමින් විමර්ශන ආරම්භකළ ද ජිප් රථය අයත් වන්නේ ගාලතැන්නේ කපුවාට බවත් වාහනයේ තිබී 2022 වසරේ ගාලතැන්නේ කපුවා විසින් විදුලි බිලක් ගෙවූ රිසිට් පතක් හමුවීමත්, මෙන්ම වාහනය සේවා කළ ස්ථානයෙන් ලද දත්ත අනුව වාහනයේ එහි හිමිකාරිත්වය ගාල්තැන්නේ කපුවා සතුව ඇති බව අනාවරණය වීමත් සමග එහි හිමිකම තිබෙන්නේ ගාල්තැන්නේ කපුවාට බව හෙළි වී ඇත.

විමර්ශනය වැඩි දුර පවත්වාගෙන යන විට   හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුවර යන අවස්ථාවක ඔහුගේ ආරක්ෂක රථයටත් වෙට්ටු දමාගෙන ගොස් පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ගාලතැන්නේ කපුවා විසින් පදවන ලද මේ රථයය. අනතුරුව රථය සම්බන්ධ සිදුකළ පරීක්ෂණවලදී එය නීති විරෝධීව භාවිතා කළ රථයක් බව අනාවරණය වී තිබේ. මෙවැනි වාහන දෙකක් ගාලතැන්නේ කපුවාගේ සන්තකයේ තිබී මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඒ වකවානුවේ දී  අත් අඩංගුවට ගෙන උසාවියට කරුණු වාර්තා කළ ද එහිදී අතාර්කික ලෙස මෙම රථ නිදහස් කිරීමට අධිකරණය පියවර ගත් බවට කියමින් විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට ද විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබිණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ පැරණි විමර්ශන මත පදනම්ව වැඩිදුර තොරතුරු සොයා බලද්දී අදාල වාහනය පමණක් නොව වාහන 17ක් සහිත පුද්ගලික වාහන අංගනයක් ගාලතැන්නේ කපුවා විසින් නඩත්තු කරන බව අනාවරණය වි ඇත. එම තොරතුරු ඔස්සේ යමින් වාහන අංගනය පරීක්ෂා කරන අවස්ථාවේ දී එහි ඇති සැක කටයුතු වාහන 07ක් පොලිස් විමර්ශකයින් විසින් හඳුනාගෙන ඇත. මෙම සියලු වාහන සම්බන්ධව මේ වනවිට විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ තත්ත්වය තුළ ගාල්තැන්නේ කපුවා සහ ඔහුගේ පුතා අද දිනය තුළ පොලිස් අත් අඩංගුවට පත් වීමේ අවකාශයක් ඇති බව පොලිස් විමර්ශන අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශපාලකයින් සහ ඔවුනගේ සහචරයින් භාවිතා කරන සුඛෝපභෝගී හොර වාහන ගණන 100කට ආසන්නයි… පොලිසිය කියයි!

Next Post

ජොන්ස්ටන්ට අයත්බව කියන තවත් අංක තහඩු නැති වාහනයක් පොලිස් අත් අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.