එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ප්‍රබල ප්‍රවීන දේශපාලඥයෙක් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා අද (17) උදේ අභාවප්‍රාප්ත වූයේය.
ඔහු ටික කලක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරව පසුවූයේය.
වර්ෂ 1941 පෙබරවාරි 17 උපන් ජයවික්‍රම පෙරේරා මිය යන විට 83 වැනි වියෙහි පසුවූයේය. වරෙක එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරය දැරූ ජයවික්‍රම පෙරේරා විවිධ අවස්ථාවල කැබිනට් අමාත්‍ය ධූර දැරූ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනාදරයට පත් ජනතා නායකයෙක් වූයේය.
ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. ජයවික්‍රම පෙරේරා පාසල් අවධියේ දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක් වූ අතර ඔහු විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරළ අතර වර්ෂ 1960 දී කණ්ඩායමේ නායකයා ද විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.







