හැටන් රංජිත් රාජපක්ෂ –
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ හදුනා නොගත් කාන්තා මල සිරුරක් අද (01) සොයා ගත් බව තලවා කැලේ පොලිසිය පවසයි.
ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ කදවුරු බැදිමට ගිය පිරිසක් විසින් කදු මුදුණේ තිබුණු මෙම කාන්තා මළසිරුර දැක ඒ බව පොලිසියට දන්වා තිබෛ්. එම දැනුම්දීම මත තලවකැලේ පොලිසිය මළ සිරුර ඇති කඳු මුදුනට පැමිණ තිබේ.
සිද්ධිය පිළිබඳව තලවාකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







