ලක්ෂ්මී ජයකොඩි –
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉන්දියාව පාර්ශවයෙන් බල කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේගෙන් ඉල්ලා ඇත
මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම සාකච්ඡාවක් සදහා අද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කැදවූ අවස්ථාවේ දී මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේදි සිදුවුයේ කුමක්ද යන්න පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබිණි.
මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පැවසුවේ මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වි යුතුව ඇති බව ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ අවධාරණය කර සිටිය බවයි.
ජනවාර්ගික ගැටලුව පිළිබදවද මෙහිදි අවධාණය යොමු කළ බව පැවසු මන්ත්‍රීවරයා ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරුණු බව පැවසීය.
මෙහිදි මාධ්‍යවේදියකු 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබදව මහාකොමසාරිස්වරයා හා සාකච්ඡා කළේදැයි විමසු විට සම්බන්දන් මන්ත්‍රීවරයා පැවසුවේ එය කතා කිරීමට තරම් වැදගත් කාරණයක් නොවන බවයි
මෙම හමුව සාර්ථක බව පැවසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවම් අඩෙක්කලනාදන් මේ අවස්ථාවේ දෙමළ ජනතාව මුහුණදෙන ලබන ගැටලු හා එම ගැටලු විසදා ගැනීමේදි ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බව ඉන්දිය මහකොමාසාරිස්වරයාට පැහැදිලි කළ බවපැවසීය.
මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, එස් . ශ්‍රීධරන්, ගෝවින්දන් කරුණාහරන්, චාල්ස් නිමලනාදන්, තවරාසා කලෙයිඅරසන්, සහභාගි වුහ. – ලංකාදීප







