ඉඳුනිල් කහටපිටිය –
මාතලේ නගර සභාව ගලි බවුසරවලිනුත් ගසා කා ඇති අන්දම විගණන විමසුමක දී හෙළි වී තිබේ.
එම නගර සභාවේ ගලි බවුසරය කුලියට ලබාදීමේ දී අය කළ රුපියල් තුන්ලක්ෂ හැටපන් දහස් එකසිය විසිපහක (365125) ක මුදලක් නගර සභා ආදායමට බැර නොකිරීම සම්බන්ධව මෙම විගණනයේ දී අනාවරණය වී ඇත.
මුදල් ලබා ගැනීමේ දී නිකුත් කළ කුවිතාන්සි අංක ව්‍යාජ ලෙස වෙනස් කර ගලි සේවාවන් 57ක් වෙනුවෙන් අය විය යුතු මුදල් මෙසේ හොරකම් කර ඇති බව ගිණනය පවසයි.
2022 ඔක්තෝම්බර් සිට 2023 ජූනි මාසය දක්වා ගලි බවුසරය කුලියට දීමේ දී මෙම අක්රමිකතාව අනාවරණය කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විගණන අධිකාරිවරයා මාතලේ මහ නගර සභාවේ කොමසාරිස්වරයා ගෙන් කරුණු විමසා තිබේ.
එහි පිටපත් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් හා මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත යොමුකර තිබේ.