ශ්‍රියානි විජේසිංහ
කිරි ලබා ගන්නා ගව දෙනුන් දිනපතා සොරකම් කරන බවත් රට තුළ අවම වශයෙන් කිරිදෙනුන් 35 -40 අතර සංඛ්‍යාවක් සහ ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දෛනිකව සොරකම් කර මස් මඩුවට යවන බවත් කෘෂි බලධාරිහු හෙළිදරව් කරති.
මෙම සතුන් දිනකට කිරි ලීටර් 15- 30 අතර ප්‍රමාණයක් ලබා දෙන බවද එම බලධාරීහු පෙන්වා දෙති. රටපුරා දැවැන්ත ලෙස සිදුවන මෙම කිරි ගව සොරකම හේතුවෙන් ඉදිරියේ දී කිරි හිඟයක් ඇතිවීමට ද ඉඩකඩ ඇතැයි ද කෘෂි අංශ බලධාරින් පෙන්වා දී ඇත.
සුඛොපබෝගී වෑන් රථවලින් පැමිණෙන පිරිස් රාත්‍රි කාලයේ දී ගවමඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන ගෙන යන බවද මේ අන්දමින් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ගව සොරකම් ඉහළ යමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව් කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රි කාලයේ මුර සංචාර කටයුතු ඉහළ දැමීම, වාහන පරීක්ෂා කිරීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඩුවම් ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධව අමාත්‍ය අමරවීර පොලිස්පතිවරයාටත් , ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
කෙසේ නමුත් ගවයින් ආරක්ෂා කර ගැනීම සදහා විශාල ගවගාල්වල සීසීටීවී පද්ධතින් සවි කිරීම කෙරෙහිද ඇමතිවරයාගේ අවදානය යොමුව ඇතැයි පැවසේ.
.







