දැනට රැඳවුම් නියෝග මත වීරඟුල පොලිස් ස්ථානයේ රඳවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්වන ගනේමුල්ල සංජීව ගේ ප්‍රධාන ගෝලයෙකු ගේ නිවසක් නාකොටික් නිලධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී ව නිවසේ රහස් කුටියක සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
පරික්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, නිවසේ සිටි කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුවයි නාකොටික් නිළධාරීන් නිවස වැඩිදුරටත් සෝදිසි කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තිය කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පමණ වයසැති කාන්තාවකි.
මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සදහා මෙම සැකකාර කාන්තාව රැදවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවට නාකොටික් නිලධාරීහු පවසති.