දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයෙකුගේ යැයි සැක කරන මළ සිරුරක් මුලතිව් මුල්ලිවයිකාල් මුහුදු වෙරලට අද ( 19) ගොඩ ගසා තිබේ. මෙම පුද්ගලායගේ පපුව ප්‍රදේශයේ තෙළිගු භාෂාවෙන් ලියන ලද අක්ෂර ඇති නිසා ඔහු ඉන්දිය ධීවරයෙකු බවට විශ්වාස කරයි.
මළ සිරුර මුහුදු වෙරළට ගොඩ ගැසීමෙන් පසුව මුලතිව් ධීවරයින් යුද හමුදා කඳවුරේ නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී තිබේ.
මුල්ලිවයිකාල් ප්‍රදේශයට පොලිසිය පැමිණීමෙන් පසුව මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද දැණුවත් කොට තිබේ.
මේ අතර ඉන්දියාවේ රාමෙස්වරන් ධීවර සංගම්වලට මුලතිව් ධීවරයන් විසින් තොරතුරු ඉදිරිපත් කොට අතුරුදහන් වූ ධීවරයෙකු සිටී නම් ඒ පිළිබදව විමසිලිමත් වන ලෙසද ඉල්ලා ඇත.