දිනසේන රතුගමගේ
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා නායකත්වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) කාන්තා දේශපාලන අංශයේ ප්‍රධානියා වන සර්ගුණදේවි ජගතීස්වරන් නැමැත්තිය සහ තවත් ආධාරකරුවකු වන පී.උදයසිවම් නැමති අයව පොලීසිය විසින් 5 දා අත් අඩංගුවට ගෙන තිබේ.
කිළිනොච්චිය මරදන්කේණී පොලීසිය විසින් මේ දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලද්දේ මන්ත්‍රීවරයා සමග ගොස් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසලක රැස්වීමක් පැවැත්වීම හා පොලීසියේ රාජකාරී වලට බාධා කිරීම යන චෝදනාවන් යටතේය.
අත් අඩංගුවට ගත් ඔවුන්ව කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි මස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා එදිනට ඔවුන්ගේ වෛද්‍ය වාර්තාවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසටද පොලීසියට නියෝග කොට තිබේ.
මරදන්කේණී පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජූනි මස 6 වෙනිදා මරදන්කේණි පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති ඇති නමුත් ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට අවශ්‍ය නිසා තමන් එහි යන බවයි.
මේ පිළිබදව තමන් නියෝජ්‍ය කථානායකවරයාට දැණුම් දී ඇති බවද ඔහු සඳහන් කළේය.







