ගංජා තොගයක් සමග අත්අඩංගුවට පත් වි දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මොනරාගල කොට්ඨාස භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාරගේ නිල නිවසේ තිබූ විදේශී රටවල නිශ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 37ක්, හැම්පර් 18ක් සහ වටිනා දැව කඳන් 05ක් සොයා ගැනිමට මොණරාගල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සමත් වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පිට සිදුකරන ලද මෙම පරීක්ෂාවේදී සොයා ගත් මත්පැන් බෝතල් සහ දැව කඳන් වැටලීම්වල දී අත්අඩංගුවට පත් ඒවා බව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම දැව කඳන් බුත්තල කතරගම මාර්ගයේ ඉදිවන හෝටලක අවශ්‍යතාවය සදහා විය හැකි බවට විමර්ශකයින් අනුමාන කර ඇත.
හැම්පර් 18 ඔහු යටතේ සිටිනා පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ඔහුට හිතවත් ව්‍යාපාරිකයින් විසින් තෑගි ලෙස ලබා දී ඇති ඒවා බව හෙළි වී තිබේ.