ගංජා වැවීමට නීත්‍යානුකූල අවසරය ලබා දීමේ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
එහිදී ඇමතිවරයා පැවසුවේ මෙම අනුමැතිය ලබා දෙන්නේ ආයුර්වේද නීති සංග්‍රහයේ නව ගැසට් නිවේදනය මගින් බවය.
එමෙන්ම තමන්ගේ අභිලාෂය වාණිජ වගාවක් ලෙස ගංජා ප්‍රවර්ධනය කිරීම බවත් තවත් ඖෂධ කීපයක් එසේ වගා කිරීම සඳහා අනුමැතිය ලබා නුදුනහොත් පාරම්පරික වෙදකම නැත්තටම නැතිවන බවත් හෙතෙම කීය.