කෝප් කමිටුවේ සභාපති ලෙස මහාචාර්ය රන්ජිත් බණ්ඩාර තේරී පත් වී තිබේ.
රජය පාර්ශවයෙන් එම තනතුර සඳහා රන්ජිත් බණ්ඩාරව නම් කළ අතර විපක්ෂයෙන් ඉරාන් වික්‍රමරත්න නම් කර තිබිණි. අනතුරුව කෝප් කමිටුව තුළ පැවති චන්ද විමසීමේ දී රන්ජිත් බණ්ඩාර එම තනතුර සඳහා තේරී පත්ව ඇත.
රන්ජිත් බණ්ඩාරට පක්ෂව කමිටු සාමාජිකයින් 15 දෙනෙක් ද, ඉරාන් වික්‍රමරත්නට පක්ෂව සාමාජිකයින් 07 දෙනෙක් ද ඡන්දය භාවිත කර ඇත. දෙගුණයකට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කෝප් කමිටු සභාපති ධූරයට පත්වී ඇත.







