කෝටි 15කට අධික වීදි වටිනාකමක් සහිත වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10කුත් ග්‍රෑම් 400ක ප්‍රමාණයක් අද (31) උදෑසන තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට පත්වන්නේ මන්නාරම පොලිස් – යුද හමුදා මාර්ග බාධකයේ දී කැබ්රථයක ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධව සිදුකළ සෝදිසියක දීය.
සැකකරුවන් වයස අවුරුදු 32 හා 36 වයස්වල පසුවන මන්නාරම හා තලේමන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.







