අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් 25ට ත්‍රස්ත පනත යටතේ ක්‍රියා කරන්නෙ නෑ – අගමැති…

by editor
අගෝස්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (30) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයේ දී පොලිස් අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් 28 දෙනා සම්බන්ධව ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත යටතේ ක්‍රියාත්මක නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කළ ප්‍රශ්නකිරීමකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් මතුකරමින් විමසා සිටියේ  ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගවලට ඊයේ අත්අඩංගුවට ගත්  ශිෂ්‍ය ක්‍රියාකාරීන් 25 දෙනා යටත් කරනවා ද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් අගමැතිවරයාගෙන් අවශ්‍ය බවය.

“ඒ අය කළේ මහපාරේ උද්ඝෝෂණ කරන එක. තමන්ගෙ දේශපාලන අයිතිය. කතා කිරීමේ අයිතිය. කිසිම පොදු දේපලකට පෞද්ගලික දේපලකට හානියක් සිද්ධ වුනේ නෑ.  “

මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. මේ සැප්තැම්බරයේ ජිනීවා සමුළුව තියනවා කියලා ඔබතුමාට අමතක ද?. මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව ගැන වාද විවාද කරනවා කියන එක  අමතක ද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි කැමති නෑ අපේ රට අවදානම් තත්ත්වයකට පත් කරන්න. ඒත් එකතුවෙලා කොහොමද උදව් කරන්නේ මේ වගේ ම්ලේච්ඡත්වයක් තුළ. මෙහෙම රාජ්‍ය ත්‍රස්තවාදයක් තුළ.   මෙහෙම කරන්න එපා අග්‍රමාත්‍ය තුමනි. ලෝකයට දෙන්නෙ නරක පිණිවිඩයක්. අඩුගානෙ ඔබතුමාවත් පොඩ්ඩක් උපදෙස් දෙන්න මේවා කරන්න එපා කියලා. මේවට කියන්නෙ ඉල්ලම් කනවා කියලා.

කරුණාකරලා වගකීමෙන් ප්‍රකාශ කරන්න මේ විසි පස් දෙනාටට ඩී.ඕ ගහන්නෙ නෑ කියලා. කරුණාකරලා මේ හිංසනයෙන් ඈත් වෙන්න.

ඊට පිළිතුරුදෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා රජයේ මහජන නියෝජනය ක්‍රියාත්මක වන බවය.

“යම් කිසි කෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම් ඒ අරගෙන තිබෙන කිසිවෙක් ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වනවිට අපට දන්වලා තිබෙනවා.“

සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම කෙනෙකුට යම් යම් තනි ක්‍රියාමාර්ග තුළ මහජන අවහිරතා හා මහජන උද්ඝෝෂණ ගැන සැලකීම පොලිසියේ  වගකීමක්. නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඔවුන් බැඳලා ඉන්න නිසා.“

අගමැති දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 02ක් අත්අඩංගුවට…

Next Post

එතෙර රැකියා කරන අයට විද්‍යුත්  වාහන ආනයනය කරන්න දෙන්නෙ මෙහෙමයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.