ඊයේ (30) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයේ දී පොලිස් අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් 28 දෙනා සම්බන්ධව ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත යටතේ ක්‍රියාත්මක නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කළ ප්‍රශ්නකිරීමකට පිළිතුරු දෙමිනි.
විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් මතුකරමින් විමසා සිටියේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගවලට ඊයේ අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් 25 දෙනා යටත් කරනවා ද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් අගමැතිවරයාගෙන් අවශ්‍ය බවය.
“ඒ අය කළේ මහපාරේ උද්ඝෝෂණ කරන එක. තමන්ගෙ දේශපාලන අයිතිය. කතා කිරීමේ අයිතිය. කිසිම පොදු දේපලකට පෞද්ගලික දේපලකට හානියක් සිද්ධ වුනේ නෑ. “
මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. මේ සැප්තැම්බරයේ ජිනීවා සමුළුව තියනවා කියලා ඔබතුමාට අමතක ද?. මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව ගැන වාද විවාද කරනවා කියන එක අමතක ද?
අපි කැමති නෑ අපේ රට අවදානම් තත්ත්වයකට පත් කරන්න. ඒත් එකතුවෙලා කොහොමද උදව් කරන්නේ මේ වගේ ම්ලේච්ඡත්වයක් තුළ. මෙහෙම රාජ්‍ය ත්‍රස්තවාදයක් තුළ. මෙහෙම කරන්න එපා අග්‍රමාත්‍ය තුමනි. ලෝකයට දෙන්නෙ නරක පිණිවිඩයක්. අඩුගානෙ ඔබතුමාවත් පොඩ්ඩක් උපදෙස් දෙන්න මේවා කරන්න එපා කියලා. මේවට කියන්නෙ ඉල්ලම් කනවා කියලා.
කරුණාකරලා වගකීමෙන් ප්‍රකාශ කරන්න මේ විසි පස් දෙනාටට ඩී.ඕ ගහන්නෙ නෑ කියලා. කරුණාකරලා මේ හිංසනයෙන් ඈත් වෙන්න.
ඊට පිළිතුරුදෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා රජයේ මහජන නියෝජනය ක්‍රියාත්මක වන බවය.
“යම් කිසි කෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම් ඒ අරගෙන තිබෙන කිසිවෙක් ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වනවිට අපට දන්වලා තිබෙනවා.“
සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම කෙනෙකුට යම් යම් තනි ක්‍රියාමාර්ග තුළ මහජන අවහිරතා හා මහජන උද්ඝෝෂණ ගැන සැලකීම පොලිසියේ වගකීමක්. නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඔවුන් බැඳලා ඉන්න නිසා.“
අගමැති දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් කීවේය.