රුපියල් කෝටියක අල්ලසක් ලබා ගැනීමේ දි අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ වැඩතහනමට ලක් කිරීමට කටයුතු කළ බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
ව්‍යාපෘතියක් සඳහා පරිසර බලපත්‍රය ලබා දීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම අල්ලස් මුදල ඉල්ලීමෙන් අනතුරුව එය ලබා ගැනීමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් මෙසේ අල්ලස් දූෂණ කොමිසම මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම තිදෙනා ඊයේ (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 13 දක්වා දි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරීමට අධිකරණය නියෝග කළේය.