අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු වරප්‍රදසාවලට මුවා වෙලා කරන ප්‍රකාශවලට උත්තර දෙන්නෙ නෑ… ඒත් සිදුවුනේ මේකයි… ඉන්දියා තරගයේ  වැන්කඩේ දී වෙච්ච වැඩේ මහේල කියයි!

During a press conference held today; Defends decision to Field First

by editor
නොවැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුව තුළ කරන ප්‍රකාශවලට පිළිතුරු දීමට බලාපොරොත්තුවක් නොමැති බවත් තමන් වරදක් කර ඇතිනම් ඒ පිළිබඳව එළියේ කතා කර අවශ්‍ය නීතිමය පියවර ගත හැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ  ඉහළ කාර්ය සාධනය සඳහා වු පුහුණුකරු මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය.

අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ වැන්කඩේ ක්‍රීඩාංගනයේ දී කාසියේ වාසිය ලබාගෙන මුලින්ම පන්දු රැකීම තේරීම සම්බන්ධව තමන් ගත් ස්ථාවරය කුමක් නිසා ගත්තේදැයි මාධ්‍යයට පැහැදිලි කරමිනි.

මෙම තීරණය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කර තිබිණි. ඒ ප්‍රශ්න කිරීම පිළිබඳව මාධ්‍ය මහේල ජයවර්ධනගෙන් විමසූ පසු ඔහු එම පැහැදිලි කිරීම කළේ මේසේය.

තරගාවලියක් ඉවර වුනාම කතා කරන්න පුලුවන් අඩුපාඩු ගැන. අපි අපේ  කුසලතාවය අනුව තණ තීරුවේ හැසිරීම අනුව ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කුසලතා අනුව තමයි තරගයක් සැලසුම් කරනනේ.

ඒත් අපි තක්සේරුකරන  අපේ කුසලතාවයන්ගේ දුර්වලතා එක්ක අපට අමාරුයි සැලසුම් කරන්න. එතන දුර්වලකම් තියනවා අපි තරගයක් ජයගන්නේ කොහොමද  කියන එක පිළිබඳව.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

වන්කඩේ ක්‍රීඩාංගනයේ  මුලින්ම මීදුම තිබ්බෙ නෑ. ඩියු එකක් තිබ්බේ නෑ. තරගාවලියේ  පස්වැනි තරගය තමයි ඉන්දියාව සහ අපි  වනකඩේ ගහපු එක.

පුහුණුවීම් කරද්දි මීදුම එන්න ගත්තා. වන්කඩේ මීදුම එන්න ගත්තා. ඒ වෙලාවෙ හිතුවා මේක අපි මුලින්  බැට් කරන්න ඕන කියලා. ඒත් අපි දැක්කා තිබුණ  හීට් එකත් එක්ක පිච් එකට  වතුර දාලා තිබුණා. ඉරි තලා ගිය පිච් එක  තෙත ගතියයි.

අපිට ප්‍රශ්නයක්  තියනවා  කෙත්තාරාමයෙත් ඉරිතැලුන  විකට් එකක තෙත ගතිය එකක් එක්ක බැට් කරලා තමයි අපිට පැය 3කින් මුළු  තරගයම ඉවර කරලා එළියට එන්න වුනේ. මුලු  මැච් එකම පැය තුනෙන්  ඉවරයි.

ඒ අත්දැකීම අපට තිබ්බා.  ඉන්දියාව ක්‍රීඩා කරන්නේ හයයි පහක සංයුතියකින්. ඕල් රවුන්ඩර් කෙනෙක් එක්ක. අපිට චාන්ස් එකක් ගන්න පුලුවන් අපි කලින් පන්දු යවලා තෙතමනය සහිත විකට් එකේ කඩුළු තුනක් හතරක් ගත්තොත් කියලා අප කල්පනා කළා.  එහෙම කරලා අපට ඉස්සරහට යන්න පුලුවන් කියලා හිතුවා.  අඩු ලකුණු තත්ත්වයකට තියන්න පුලුවන් නම් ඉන්දියාව අපට එය කළ හැකිව තිබුණා.

හැබැයි අපට ප්‍රශ්නයක් තියනවා අන්ඩර් ලයිට් පළවෙනි ඕවර් දහය අපි සෙල්ලම් කරන්න ඕන.  හොඳට සෙල්ලම් කරන්න ඕන.   ඊට පස්සේ මිදුම ආවට පස්සේ බෝලයට මුකුත්  වෙන්නේ නෑ. ලේසියි බැට් කරන්න.

අඩු ලකුණු සංඛ්‍යාවකට තිබ්බා නම් ඒ දේ වෙනවා. තරගය හොඳට බැලුවනම් අපි දෙවැනි පන්දුවේ විකට් එක්ක ගත්තා. ඊට පස්සේ අපේ අතින් උඩපන්දු 2ක් ගිලිහී ගියා.  පන්දු ඕවර 10ක් 12ක් යනකම් බෝලය දෝලනය වුනා. උඩපන්දු අත්හැරිමත් සමග  ඔවුන් එකෙන් බේරුණා. කුසල්ට ඉන්සයිඩ්  කැච් එකක්  කෝලිගේ මග වැටුනා.

අපට ලේසියි කියන්න මේක උනානම් කියන එක.  නමුත් අපි හිතපු විදිහ ඒකයි. අපි ඉන්දියාව 250කට තිබ්බා නම් අපි මුල් ඕවර 10 හරියට බැට්  කළා නම් අපට මීදුමත් එක්ක හඹා යන්න තිබ්බා.

අපි දැක්කා ඔස්ට්‍රේලියාවත් විකට් හතක් ගිහින් තියෙද්දීත් ලකුණු 290ක් හඹා ගියා.    මීදුම ආවට පස්සේ ඇෆ්ගන් බෝලර්ස්ලාට සහ ස්පිනර්ස්ලාට කිසිම අවස්ථාවක් තිබුණේ  නෑ  වන්කඩේ විකට් එකේ.

ක්‍රිකට් අපි හිතන විදිහ හා සැලැස්ම හදන්නේ අපේ දක්ෂතාවයට අනුව. අපි දැක්ක දෙයක් තමයි මේ සංචිතය අපේ පිතිකරණ අංශය තමයි ප්‍රබල. අපට හිටිය පන්දු යවන්නන් හිටියේ ඉන්ජර්ඩ් වෙලා. අපි හැම තිස්සේම බැලුවේ අපට චේස් කරලා දිනන්න පුලුවන්නම්  මීදුමත්  එක්ක   ඒක තමයි අපේ බලවත් තැන කියන එක.

අපි දිනපු මැච් දෙකත් අපි චේස් කරලා දිනුවේ. ඒකෙත් අපිට එංගලන්තයත් එක්ක ලොකු තීරණයක් ගන්න වුනේ. අපි හිතුවෙ හඹා යන්න. ඒගොල්ල ටොස්ට් එක  දිනලා ඒ ගොල්ල බැට් කළා.  ඒක අනික්පැත්තට ගියානම් අපිට ආයෙත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.

ක්‍රිකට් ගැන කතා කරලා ඒ අනුව තමයි අපි අනෙක් සැලැස්මවල් හදන්නේ.  අපේ කණ්ඩායමේ දක්ෂතාවයන් අනුව තමයි ඒක හදන්නේ. වැරදුනාම හරි ලේසියි ගොඩාක් අයට කතා කරන්න.

නමුත් අපි වගකියන්න ඕන අපි ගත්ත  තීරණවලට. ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළා. එකේ වැරැද්දක් තියනවා නම් ඒ වගකීමත් ගන්න කැමතියි.

අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මහේල ජයවර්ධන ප්‍රශ්න කිරීම සම්බන්ධව මාධ්‍යවේදියෙක් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් මහේල මෙසේ පැවසුවේය.

අපි හිතපු සාධකය අනුව අපි හිතුවේ කලින් බැට් කළොත්  හොඳයි කියලා. රෝහිත් බැට් කරන්න හිටියා කියලා මම දන්නේ නෑ. ඒක කියලා තිබ්බා. ඒ අය විකට් එකේ තෙතමනය  ගැන හිතන්න නැතිව ඇති. ඔහුත් දෙවැනි බෝලයේ අවුට් වුනාම ඔහුත් පුදුම වුනා ඒ විකට් එක හැසිරුනේ කොහොමද කියලා.

පළවෙනි ඕවර 10 තුළ.  අපි අර උඩ පන්දු   ලබා ගත්තා නම්, අපි මුල් ඕවර 10 හරියට බැට් කළානම්  අපට පාලනයක් කරන්න තිබ්බා. අපට ලොකු දෙයක් කරන්න තිබ්බා.

කලින් පන්දුවට පහරදීම කියන්නේ    අපි සාකච්ඡා කරලා ගන්න තීරණයක්.   මම හිතන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුළෙ කතා කරන්න පුලුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි.

මම හිතන්නේ ඒක ඒ හින්දා ඔහු එහෙම කියන්න ඇති. ඔහුට තියනවා නම් වෙනත් කරුණක් කියන්න ඔහුට පුලුවන් එළියේ ඇවිත් ඒක කියන්න.  ක්‍රීඩා අමාත්‍යාංශයෙ තියනවා යුනිට් එකක්. ඒ යුනිට් එකට උනත් ඔහුට ඒ දේ ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා.

මම හිතනවා ඔහු එහෙම දෙයක් තියනවා නම් කියයි කියලා. නමුත් පාර්ලමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුළෙ කතා කරන දේට උත්තර දෙන්න බලාපොරොත්තුවක් නෑ.

මහේල කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සරණාගතයෙක් ලෙස ඉන්දියාවට පැනගන්න  හැදූ යාපනයේ අපරාධකරුවෙක් ඉන්දියාවෙන් ලංකාවට භාර දෙයි!

Next Post

කෝටියක් අල්ලස් ගනිද්දී කොටුවී බන්ධනාගාරතව සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ගේ  වැඩ තහනම් කරයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.