ජනාධිපති මන්දිරය සහ ගාලු මුවදොර අසල සාමකාමී විරෝධතාවට එල්ල වූ දරුණු මැර පුහාරයට විරෝධය දක්වමින් මේ වනවිට කොළඹ නගරයේ පිහිට රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් විරෝධතාකරුවන්ට සහය පළ කරමින් ගාලුමුවදොර පරිශ්‍රයට පැමිණෙමින් සිටින බව වාර්තා ව්. මේ අතර ශ්‍රි ලංකා මහ බැංකුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානය කොළඹ ජාතික රෝහල ඇතුළු ආයතන ගණනාවක සේවක සේවිකාවන් මේ වනවිට විරෝධතාකරුවන් ට සහය පළ කිරීම සඳහා පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු සදහන් කරයි.
උදෑසන අරලියගහ මන්දිරයට එක් රැස්වී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් නොවන ලෙස බලකරමින් සහය පල කිරීමට පැමිණි මේ කණ්ඩායම් විසින් මෙම ගෝඨාගෝගම පුහාරයට සම්බන්ධ වූ අතර මෙහිදී අරලිය ගහමන්දිරය ඉදිරිපිට මයිනාගෝගම විරෝධතා පරිශ්‍රයේ පිරිසටද පහර දීමක් සිදුවිය. මේ වනවිට 23 දෙනකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.