සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එක රැයෙන් හෝමාගමට මාරු කළ නොදන්නා හේතුව අධිකරණ ඇමති හෙළි කරයි!

by editor
ජූලි 23, 2024
in පුවත්
Court-of-Inquiry
Share on FacebookShare on Twitter
  • දමිත් තොටවත්ත කියන්නෙ යුක්තිය පසිඳලීමේ කාර්යයේ දී උපරිමයටත් එපිටින් සිට සිය රාජකාරි කළ අතිශය ගෞරවණීය, ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ විනිසුරු වරයෙක්… එතුමා කිසිම වරදක් මේ සිද්ධියෙදි කරලා නෑ… අධිකරණ ඇමති සහතික කොට කියයි!

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හේතු නොදන්වා එක්වරම හෝමාගම මහාධිකරණයට මාරු කිරීම පසුපස අදෘශ්‍යමාන හස්ථයක් ක්‍රියාත්මක වන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂගෙන් අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

අධිකරණ විනිසුරුවරුන් ස්ථාන මාරු කරන ක්‍රමවේදය සම්බන්ධව ඉතාම විධිමත් සම්මත පටිපාටියක් තිබිය දී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේ විදුලි සහ ජල හොරකම සම්බන්ධව විමර්ශනය කිරීමට පැවරුණු කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එක්වරම හේතු නොදන්වා හෝමාගම අධිකරණයට මාරු කර යැවීම ප්‍රශ්න සහගත බවත් දැක්වූ මන්ත්‍රීවරයා යන්තමින් හෝ ස්වාධීනත්වය ආරක්ෂා වී මිනිසුන්ගේ විශ්වාසය ඉතිරි වී තිබෙන අධිකරණ පද්ධතිය තුළ මේ සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි පැහැදිලි කරන ලෙස අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේ දී කරුණු පැහැදිලි කරමින් අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙසේ සිද්ධිය පැහැදිලි කළේය.

මුල් අවස්ථා මහාධිකරණය දක්වා වූ සියලු අධිකරණ පත් කිරිම මාරු කිරීමවල පූර්ණ බලධාරියා අධිකරණ සේවා කොමිෂන් සභාව. එම ආයතනය ස්වාධීනව තීන්දු තීරණ ගන්නවා.

පහුගිය මාසේ 19 දා සිද්ධියකට සම්බන්ධ කරලා මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහපු නිසා අධිකරණ ඇමතිවරයා ලෙස මා සීමිත උත්තරයක් දෙන්නම්.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මටත් දමිත් තොටවත්ත කොළඹ මහාධිකරණ විනිසුරු තුමා හදිසියේ හෝමාගමට මාරු කළා කියන කාරණය පිළිබඳව දැනගන්න ලැබුණා. ඊයේ හවස ඉඳන් මේ පිළිබඳව ක්ෂේත්‍රයේ විශාල ලෙස ඇති වෙලා තියනවා මේ කතාබහ.

මා දන්න කරුණ විතරක් ඉදිරිපත් කරනවා. ගිය 19 වැනිදා මම මේ සභාවට ඉදිරිපත් කළා අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවුන වැරදි දේවල් කිපයක් සම්බන්ධව. ඉන් එකක් තමයි ගල්කිස්ස අධිකරණ ශාලාවෙන් අනවසර ලෙස නීති විරෝධී ලෙස විදුලිය ලබා ගත්ත ප්‍රශ්නය.

මේ සම්බන්ධව මම මේ සභාවට කතා කළේ පියවර ගණනාවක් අරගෙන තීන්දු තීරණ නොගත් අවස්ථාවක. ඒ අවස්ථාවේ අප මේ සම්බන්ධව පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. එම නිල නිවසට පැමිණි නව දිසා විනිසුරු තුමිය සහ නීතිඥ මණ්ඩලය අපට ඉදිරිපත් කරලා තිබුණා මේ වගේ වැරදි දෙයක් සිද්ධ වෙලා තියනවා කියලා.

අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දුන්නා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න කියලා. අධිකරණසේවා කොමිසම මෙම පරික්ෂණය පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු එතුමාගේ බල ප්‍රදේශයට තමයි මේ අධිකරණ අයිති, මහාධිකරණ කලාපය විදිහට… එතුමාට දැනුම් දීලා තියනවා මේ පිළිබඳ පරික්ෂනයක් පවත්වන්න.

එතුමා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලියලා තියනවා ගල්කිස්ස අධිකරණසේවා ශාලාව, භූමිය ගොඩනැගිලි අයිති අධිකරණ සේවා කොමිසමට නෙමෙයි, අධිකරණ අමාත්‍යාංශයට. මේ පිළිබඳ පියවර ගත යුත්තේ අධිකරණ අමාත්‍යාංශය කියලා.

ඒ අනුව මම කමිටුවක් පත් කළා අධිකරණ අමාත්‍යාංශ ලේකම් තුමා, අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් පාලන, අතිරේක ලේකම් ඉංජිනේරු කියන තුන් දෙනාගෙ කමිටුවක් . වාර්තාවක් ලබා ගත්තා එහෙම දෙයක් වෙලා තියනව ද කියලා හොයන්න.

එම වාර්තාවෙන් ඉදිරිපත් කළා ජලය සහ විදුලිය කියන දෙකම වැරදි විදිහට සම්බන්ධතාවය ඇතිව නිල නිවසට අරන් තියනවා කියන කාරණය. එම වාර්තාවත් එක්ක අපි අධිකරණ සේවා කොමිෂන් සභාවෙ ලේකම්තුමාට යොමු කළා අවශ්‍ය පියවර ගන්න කියලා.

ඒ පියවර ගැනීම සම්බන්ධයෙන් අපට දැනගන්න ලැබුණා කොළඹ මහාධිකරණ විනිසුරු ගරු දමිත් තොටවත්ත මැතිතුමාගෙන් දවස් දෙකක් ප්‍රශ්න කරලා තියනවා එතුමා ඒකට පියවර ගත්තේ නැත්තේ ඇයි කියන කාරණාව ගැන වගේ දෙයක් තමයි මතු කරලා තියෙන්නේ අපට ලැබුණු තොරතුරු අනුව.

මා හිතනවා එතුමාගේ තීරණය නිවැරදියි. අධිකරණ ගොඩනැගිලි පාලනය තියෙන්නේ අමාත්‍යාංශය භාරව. එතුමා නිවැරදි දේ කරලා තියනවා. එතුමා නිවැරදි දේ කරලා දැනුම් දුන්නට පස්සේ මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මතුවීමෙන් අනතුරුව විමර්ශනයක් කළ බව අධිකරණ සේවා කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දුන්නා. ඒ ලිපිය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ගරු කථානායක තුමා විසින් ගිය පාර්ලිමේන්තු සතියේ දී.

ඒ අනුව පිටට පෙනෙන්නේ ප්‍රධාන මහාධිකරණ විනිසුරුතුමා මාරු කිරීම හරහා රටට දැනෙන පණිවිඩය මේකයි. මෙතුමා අහපු දේ තමයි එතුමාට යම් කිසි දඬුවමක් ලබා දීලා තියනවා නේද කියන කාරණාව.

එම විදුලි සම්බන්ධකිරීම සම්බන්ධව එවකට හිටපු මහෙස්ත්‍රාත්වරයෙකුගේ වැඩ තහනමට ලක් කරලා තියනවා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. හැබැයි මේ කාරණාව සම්බන්ධයෙන් මම හිතනවා අපේ පැත්තෙන් වෙන්න ඕන කරලා තියන යුක්තිය අපි ඉෂ්ඨ කරන්න ඕන.

ගරු තොටවත්ත මහාධිකරණ විනිසුරු තුමා කිසිම වරදක් කරලා නෑ. අප කරපු පරීක්ෂණ අනුව අපේ වාර්තා අනුව අපට පැහැදිලිව කියන්න පුලුවන් ගරු දමිත් තොටවත්ත කොළඹ මහාධිකරණ විනිසුරුතුමා ඔය කියන සම්බන්ධයක් නෑ. ඒ සිද්ධිය පරික්ෂණ කිරීමේ කටයුතුවලදීත් එතුමා කිසිම වැරදි දෙයක් හෝ අවිධිමත් දෙයක් කරලා නෑ.

අපි දන්නවා එතුමා පිළිබඳව. අධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න, යුක්තිය පසිඳලීමේ දී ඉතාම ගෞරවයට පාත්‍ර වෙච්චි ඉතා ඉහළ මට්ටමින් යුක්තිය ඉටුකිරීමේ කාර්ය ඉටු කරන ගෞරවණීය විනිසුරුවරයෙක් කියන කාරණාව අප කියන්න ඕන.

එහෙම නොකීවොත් එය අධිකරණ ක්ෂේත්‍රයේ සියලුම විනිසුරුවරුන්ට කරනු ලබන මදිපුංචිකමක්. එතුමා සිද්ධියෙදී වරදක් කරලා නැති බවත්, එතුමා අධිකරණ ක්ෂේත්‍රයට ගෞරවයක් ලබා දුන් ගෞරවනීය විනිසුරුවරයෙක් බවත් කියනවා. එතුමා පිළිබඳව අපට තියන ගෞරවය නිසා රටේ ජනතාවට එතුමා ගැන වැරදි අවබෝධයක් ඇතිවීම වැලැක්වීමටයි එහෙම කියන්නේ.

නමුත් මාරුවීම් හෝ වෙනත් විනය කටයුතු පිළිබඳ උත්තර දෙන්න මට මේ අවස්ථාවෙදි බෑ. අධිකරණ සේවා කොමිසමෙන් අපි ඒ පිළිබඳව ඉල්ලීමක් කරලා ලැබෙන තොරතුරු මම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නම්.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා සංචිතය නම් කරයි… චමිඳු වික්‍රමසිංහට ශ්‍රී ලංකා වරම්…

Next Post

ජනපති මැතිවරණ නීතිය කඩන හැටි ගැන චෝදනාත්  අගවිනිසුරුට යොමු කරන්න අධිකරණ ඇමති පොරොන්දු වෙයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.