ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති මැතිවරණ නීතිය කඩන හැටි ගැන චෝදනාත්  අගවිනිසුරුට යොමු කරන්න අධිකරණ ඇමති පොරොන්දු වෙයි!

by editor
ජූලි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිය රාජ්‍ය බලය යොදා ගනිමින් තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනයට රාජ්‍ය බලය අවභාවිතා කරන ජනාධිපතිවරයා සම්බන්ධවත්, නීතියේ ආධිපත්‍ය ගිලිහී යන ආකාරය පිළිබඳවත් අද පාර්ලිමේන්තුවේ දි කතා කළ චන්දිම වීරක්කොඩි ගේ කතාව අග විනිසුරුවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේ දී  පැවසුවේය.

මේ වනවිට විශේෂිත නඩු ඇති වී තිබෙන බවත්, පක්ෂයෙන් නෙරපීම සම්බන්ධව හරින් ප්‍රනාන්දු ගේ සහ මනුෂ නානායක්කාර ගේ නඩු අතාර්කිකව කල් යන්නේ කෙසේදැයි රටට ප්‍රශ්නයක් බවත් පැවසූ මන්ත්‍රීවරයා මිනිස්සුන්ට අධිකරණ ක්‍රියාවලි හරහා යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතු බව ද අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

මේ මොහොතේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම නිකම් කජු කනවා වගේ. දැන් අලුත්ම දේ තමයි මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිලිබඳව පැමිණිලි කළාම ඒ මැතිවරණ නීතිය පිළිබඳව මැතිවරණ කොමිසම නියෝගයක් දුන්නම ඒ නියෝගය ක්‍රියාත්මක කරන්නෙ නැතිව ආණ්ඩුකාරයෝ, සභාපතිලා ඒක යවනවා නීතිපතිවරයාට. නීතිපතිවරයාට යවන්නෙ ඇයි?. විසඳුම එන්න ටික කාලයක් යනවා.

ඒ කාලයෙත් උල්ලංඝණය කරනවා. අද ගාල්ලේ ස්වාමීන්වහන්සේලා එකතු කරනවා බස්වල දාලා කොළඹට ගේන්න… මොකට ද මුදල් ආධාර දෙන්න. හාමුදුරවරුන්ටත් අගෞරව වෙන විදිහට මේ කටයුතු වෙන්නේ.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මේ වනවිට රට ගිහින් ආපු කට්ටියට රුපියල් පනස් දාහක් දෙනවා. සමෘද්ධි නිලධාරින් දාලා සමෘද්ධියෙන් එකතු කරනවා… ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මේ සතියෙ ගාලු එනවා . එයා හරහා සහතික දෙන්න. බස්වලින් කට්ටිය ගේනවා. රට ගිහින් ඉන්න පවුල්වලට රුපියල් විසි පන්දාහක් දෙන්න යනවා. හිටපු ගමන් කාන්තාවො සවිබල ගැන්වීමේ වැඩසටහන් මතුවෙනවා. මේවා අමාත්‍යාංශවල වැඩපිළිවෙළේ නෑ.

මොන පොතේ හැදුවත් මොන සංශෝධනය ගෙනාවත් අද හැම තැනම කරන්නේ නීතිය නවන්න හදන එක. වර්තමාන ජනාධිපතිවරයාත් උසාවි නොගියත් නීතිඥවරයෙක්. එතුමාට හොදට තේරෙනවා මේ කරන අකටයුත්ත.

මේ ආකාරයට නීතිය අවභාවිතා කරලා මැතිවරණ නීතිය දිගින් දිගටම උල්ලංඝනය කරලා, තමන් අපේක්ෂකයා බව දැන දැන රාජ්‍ය සම්පත් උපයෝගී කරගෙන තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමට එරෙහිව පාරට බහින්න කාලය එළඹිලා තියනවා.

කතාව අවසානයේ අධිකරණ ඇමතිවරයා නැගිට මෙසේ කීවේය.

“ඔබතුමාගේ කතාව අගවිනිසුරුතුමාට යොමු රකන්නම් අවධානය යොමු කරන්න කියලා. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එක රැයෙන් හෝමාගමට මාරු කළ නොදන්නා හේතුව අධිකරණ ඇමති හෙළි කරයි!

Next Post

ගාල්ල කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ බස් වර්ජනයක්!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.