කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව ආසන්නයේ එනම් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතින නායෙ යාමේ අවදානම් තත්ත්වය පිළිබඳව අද (11) උදෑසන මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම් ආරම්භ කරන බවත් එයින් පසුව මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳව තීරණය ගන්නා බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් පවසයි.
පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානයේ සිට ඊට පහළින් ඇති පලතුරු වෙළෙඳසැල් පේළිය දක්වා වන ප්‍රදේශයේ නායෙ යාමේ අවදානම හෙතුවෙන් ඊයේ රාත්‍රි 10 .00 සිට මාර්ගය වසා දැමීමට කටයුතු කෙරුණු අතර මෙම මාර්ගය වෙනුවට භාවිත කළ හැකි විකල්ප මාර්ග පිළිබඳවද දැනුවත් කෙරිණි.
අද උදෑසන සිට පොලිස් නිලධාරීන් මෙම මාර්ගයේ පැමිණෙන වාහනවලට අදාල මගපෙන්වීම් ලබා දීමට කටයුතු යොදා ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට මෙම මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙසය.
මෙම ප්‍රදේශය පිළිබඳව පූර්ව පරීක්ෂාවක් සිදු කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න ඊයේ ප්‍රකාශ කළේ ප්‍රධාන මාර්ගයද අයත්වන මෙම ප්‍රදේශයේ නායෙ යාමක් සිදුවීමට අවශ්‍ය සියලු ලක්ෂණ මේ වනවිට පෙන්නුම් කරන බවයි.
මාර්ග සංවර්ධන අධිකාරිය විසන් ප්‍රකාශයට පත් කරන ලද විකල්ප මාර්ග පහත දැක්වෙයි.
1.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර
2.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුව
3.මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
4.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර