කොළඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි…

RelatedPosts

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු 9.00 ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහගේ ප්‍රධානත්වයෙන්  විවෘත විය.මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 23 වැනි වරටය.    අද සිට මේ මස 25 වැනිදා තෙක් දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා ප්‍රදර්ශනය  විවෘතව පවතී.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයින්ගේ පොත් කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් බව  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර  සඳහන් කළේය.

පසුගිය වසරේ කොවිඩ් වසංගත තත්වය ඇතුළු රට තුළ පැවති අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම පොත් ප්‍රදර්ශනය නොපැවැත්වුණු නිසා එම වසරේ සහ මෙම වසරේ අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුණු කෘතීන් විශේෂ වට්ටම් සහිතව මෙහිදී මිලදී ගැනීමේ අවස්ථාව පාඨකයන්ට හිමිවන බව ද සභාපතිවරයා පැවසීය.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ බොහෝ දෙනෙක් පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමුව ඇති බැවින් මෙවර රාත්‍රී 7.00 වන විට ප්‍රදර්ශනය අවසන් කිරීමට තීරණය කළ බව ද  ඔහු කීවේය.

කොවිඩ් වසංගත තත්වයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් පොත් ප්‍රදර්ශන භූමියේදී සියයට සියයක් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සංස්කෘතික සංදර්ශන, සංගීත වැඩසටහන් ආදිය මෙන්ම නව පොත් එළිදැක්වීම් ඇතුළු කටයුතු රැසක් ද සංවිධානය කර  තිබේ.

ප්‍රදර්ශනයට පැමිණෙන්නන් වෙනුවෙන් බම්බලපිටිය, කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සිට බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර ඇත.

 

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT