නිවසක හරිතාගාරයක් තුළ ඉතා සූක්‍ෂමව වගා කරන ලද හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන් ගංජා පැළ 70ක් සමග 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය කාර්ය බලකාය සමත් වී තිබේ.
ඊයේ (15) දින නුවරඑළිය පොලිස් වසමේ නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර, ප්‍රදේශයේ දී කරන ලද වැටලීමකින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
විදේශීය රටවල් වල වගා කරන ප්‍රබෝධයක් වන මෙම දෙමුහුන් වර්ගයේ ගංජා ප්‍රභේදය රහසිගත ලෙස මෙම සැකකරු විසින් වගා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.