සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද යළිත් පිරිපහදුව වැසේවි… සාහසික කුමන්ත්‍රණයක් ගැන වෘත්තීය සමිති කියයි….

by editor
සැප්තැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

අද (16) නැවත තෙල් පිරිපහදුව වැසෙනු ඇති බවත් මේ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ඩොලර් හිඟය නොව  සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඈවර කිරීමේ සාහසික කුමන්ත්‍රණයක් බවත් ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ලංකාසරට පැවසීය.

ඔහු පවසන්නේ මේ වනවිට පිරිපහදුවට ගෙනවිත් ඇති ඌරල් වර්ගයේ තත්ත්වයෙන් බාල බොරතෙල් හේතුවෙන් භූමිතෙල් ඩීසල් නිශ්පාදනය අඩුවී දැවිතෙල්  වැඩි වී ඇති බවත් එම දැවිතෙල්වල ද සල්ෆර් ප්‍රතිශතය ඉහළ යෑම නිසා විදුලිබල මණ්ඩලයට ඒවා අලෙවි කරගැනීමේ බරපතල ප්‍රායෝගික අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්ය. මේ වනවිට ඔක්ටේන් 80 – 85 ඉන්ධනවලින් පිරිපහදුවේ ටැංකි පිරී ගොස් ඇති බව පවසන සභාපතිවරයා මේ  ඉන්ධන වැඩි දියුණු කර ඔක්ටේන් 92 මට්ටම රැගෙන ඒම සඳහා ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කළ යුතු නමුත් එය සිදුනොවන බව පෙන්වා දුන්නේය.

පාලකයින්ගේ  අවසාන සැලැස්ම දැනට සම්මත වී ඇති කැබිනට් පත්‍රිකාවට සමගාමීව තමන් විසින් අටවා ගත් සමාගම් කීපයක් වෙනුවෙන් රටේ ඉන්ධන ඒකාධිකාරිය ලබා දීම සඳහා  ඉන්ධන හිඟයෙන්  පීඩාවට පත් ජනතාව තුළින්ම ඉල්ලීමක්  මතුකරගැනීම බව පෙන්වා දුන් සභාපතිවරයා අප ගතකරමින් ඉන්නේ අතිශය දුෂ්ඨ පාලනයක බරපතල කොල්ලකෑමක් මධ්‍යයේ බව කීවේය.

ඛණ්ජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මෙසේ ද පැවසීය.

“දින 70වකට වැඩි කාලයක් පිරිපහදුව වහලා තිබුණා. පිරිපහදු සේවකයින් එකාවන්ව එකතුවෙලා බොරතෙල් ගෙන්වා ගැනීම සඳහා  තමන්ගෙ කෑම පැයේ අරගල කළා. ඒ තත්ත්වය තුළ තමයි  බොරතෙල්  නැවු තුනක් ගෙනෙන්නෙ.‘

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ නැවු තුනම ඌරල් වර්ගයේ බොරතෙල් ඌරල් කියන්නෙ බොහොම බාල ප්‍රමිතියක් සහිත බොරතෙල් විශේෂයක්.“

“මේ නිසා පිරිපහදුව බරපතල අපහසුතාවයකට පත් වෙනවා. නිවැරදි බොරතෙල් වෙන්නෙ සයිබීරියන් ලයිට් වර්ගය නැතිනම් මර්බන් කියන බොරතෙල් වර්ගය.“

“ඌරල් එකේ දැවිතෙල් විශාල ප්‍රමාණයක් හැදෙනවා.  ඒකෙ බූමිතෙල්  ඩීසල් අඩුයි. ඒ වගේම දැවිතෙල්වල සල්ෆර් ප්‍රමාණය වැඩි නිසා මේ දැවි තෙල් විදුලිබල මණ්ඩලයට දෙන්න බැරි වෙලා තියනවා.“

“ වරින්වර පිරිපහදුව නැවැත්තීම නිසා ඒ කාල පරිච්ඡේදය තුළ දී හැදෙන අඩු ඕක්ටේන් සහිත ඉන්ධනවලින් පිරිපහදුවේ සියලුම ටැංකි පිරිලා ගිහින් .  80 -85 ඔක්ටේන්වලින් වැඩක් ගන්න පුලුවන් වෙන්නේ 95 ඔක්ටේන් ගෙන්වලා එය 92 දක්වා තත්ත්වය උසස් කිරීමෙන් පමණයි. නමුත් එහෙම දෙයක් වෙන්නෙ නෑ.  පිිරිපහදුවෙ සේවක උද්ඝෝෂණ නිසා ප්‍රමිතියෙන් තොර මොනවා හෝ බොරතෙල් එකක් ගේනවා.“

“එහෙම තත්ත්වයක් තුළත් ගෙනාපු බාල බොරතෙල් ප්‍රමාණය බා ගන්න බෑ. ඒකට මුදල් ගෙවලා නෑ. පහුගිය 23 ආපු බොරතෙල් නැව තව බාලා නෑ. “

“දැන් තත්ත්වය තමයි  පිරිපහදුව අද නවත්වන්න වෙනවා. වරින්වර මෙවැනි ආකාරයෙන් පිරිපහදුව වසා දමන්නේ එය නවත්වා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා කියලා අපි හිතනවා.“

“ඔබ දන්නව ද? අවුරුද්දට ඩොලර් මිලියන 430ක් ප්‍රමාද ගාස්තු වෙනවා. මේ ප්‍රමාද ගාස්තුවලින් බොරතෙල් නැව් 04 වියදම් කරන්න පුලුවන්. තෙල් නැවක් ගේන්න කියලා තීරණය කරලා භාණ්ඩාගාරයෙන් අදාල තීරණය ගත්තට පස්සේ ගොඩබාන්න බඳින්න සල්ලි නෑ කීම ඉතාම අතාර්කික කතාවක් ලෙසයි අප දකින්නෙ. මෙතන තියෙන්නෙ ඩොලර් අර්බුදයට එහා ගිය දෙයක්.“

“තෙල් හිඟයක් ඇති කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්. මේ ආකාරයෙන් ජනතාව පීඩාවට පත් කරලා තමන් තෙල් සංස්ථාව ඈවර කරලා තමන් විසින් මේ වනවිට අටවාගෙන තියන සමාගම් සඳහා ඉන්ධන   අධිකාරිය පැවරීම වෙනුවෙන් කරන සාහසික අපරාධයක් බව අප ජනතාවට කියනවා. ඔබ මේ ගැන දැනුම්වත් වෙන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළියේ හරිතාගාරයක හයිබ්‍රීඩ් ගංජා හේනක්…

Next Post

ශානිට ආරක්ෂාව දෙන්නැයි පොලිස්පති කියයි… දේශබන්දු බෑ කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.