අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානිට ආරක්ෂාව දෙන්නැයි පොලිස්පති කියයි… දේශබන්දු බෑ කියයි…

by editor
සැප්තැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ලබා දුන්නිර්දේශයක්   අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර  ඇගයුම් වාර්තාවක් ලබාගැනීමෙන් පසු පාතාලයේ සහ ජාවාරම්කරුවන්ගෙන් ජීවිත තර්ජනයකට ලක් වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා විසින් ලබා දුන් නියෝගය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේ දී වැඩ තහනම්කර අත්අඩංගුවට ගත් ශානි අබේසේකර වෙත එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය පොලිස් මූලස්ථානය වෙත  නිර්දේශයක් ලබා දී තිබේ.

මෙම නිර්දේශය ශානි අබේසේකර සම්බන්ධව කෙරෙමින් ඇති පරීක්ෂණ අතරින් යටපත්ව තිබී ඇත.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූ පසු මෙම විමර්ශන කඩිනම් කිරීමට ලබා දෙන උපදෙස්  අනුව ඉදිරි කටයුතු කරද්දී  ශානි අබේසේකරට  විශේෂ ආරක්ෂාවක්  සැපයීම සඳහා සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ලබා දුන් මෙම නිර්දේශය හමුවී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඒ සම්බන්ධව ඇගයීමක් කිරීමට අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අදාල නිර්දේශ සහිත ලිපිගොනුව යොමු කර තිබේ.

අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උක්ත ඇගයීම කර ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබා දිය යුතුබවට වූ නිර්දේශය අනුමත කර ඇත

මේ වනවිට ශානි අබේසේකර පදිංචිවී ඉන්නේ බොරැල්ලේය. එබැවින් ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

ඊට ලිඛිත පිළිතුරක් යවමින්  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාට  දන්වා ඇත්තේ පොලිස්පති නිර්දේශය    තමා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට  දැනුම් දුන් බවය.

මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දෙනතුරු ශානි අබේසේකරට ආරක්ෂාව ලබා නොදෙන ලෙස ලේකම්වරයා තමන් වෙත දැන්වූ බැවින් එම උපදෙස් ලැබෙන තුරු ඔහුට ආරක්ෂාව ලබා නොදීමට  යෝජනා කරන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද යළිත් පිරිපහදුව වැසේවි… සාහසික කුමන්ත්‍රණයක් ගැන වෘත්තීය සමිති කියයි….

Next Post

ලෝක කුසලානයට යන ශ්‍රි ලංකා කණ්ඩායම නම් කෙරේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.