ශ්‍රි ලංකාවේ මුල්ම පෙළේ සමාගමක්වන ජෝන් කීල්ස් සමූහය කැසිනෝ ව්‍යාපාරයට අවතීර්ණ වීමට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සමාගම කොළඹ අලුතින් ඉදිකරන සිනමන් ලයිෆ් ව්‍යාපෘතියේ සිය කැසිනෝ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට අවශ්‍ය සැලසුම් සකසමින් සිටින අතර මෙම සමාගම එක්වීමත් සමඟ ශ්‍රි ලංකාවේ කැසිනෝ ව්‍යාපාර මෙහෙයන සමාගම් ප්‍රමාණය පහක් දක්වා ඉහළ යනු ඇති බව ද ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කරයි.
කැසිනෝ ව්‍යාපාරය සුදු සහ ක්‍රීඩා පනත යටතේ පසුගියදා වාර්ෂික බලපත් ගාස්තු සංශෝධනයකට ලක් කළ අතර ඒ අනුව බලපත්‍රයක වාර්ෂික ගාස්තුව රුපියල් කෝටි 20 සිට 50 දක්වා ඉහළ දමා ඇත.
මේ වනවිට ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධානතම කැසිනො ව්‍යාපාරයේ ආධිපත්‍යය හිමිවන්නේ පසුගියදි ජාතික ලයිස්තුවෙන් පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයකු ලෙස පත්ව අමාත්‍යවරයකු ලෙස ද කටුයතු කොට පසුව ඉවත් වූ ධම්මික පෙරේරාටය. ඔහු මෙම නව ගාස්තුව වැඩිකිරීම සම්බන්ධයෙන් රජයට යම් විරෝධයක්ද දක්වා තිබිණ.
කෙසේ වුවද ව්‍යපාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජෝන් කීල්ස් සමාගම මේ වනවිටත් මෙරට ක්‍රියාත්මක වන කැසිනෝ සමාගමක් සමඟ මෙන්ම ජාත්‍යන්තර සමාගමක් සමඟ කැසිනෝ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි.