ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුරගමන් බස්රථ 400ක් ඩිජිටල් ක්‍රමයට ලක් කර ඇති අතර ගමන් වාර කාලසටහන් අද (10) අන්තර්ජාලයට මුදා හැරීම සිදුකර ඇත.
මේ අනුව කොටුව මධ්‍යම බස් නැවතුම්පලේ සිට දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කරන දුරගමන් බස්රථවල පිටත්වෙන වේලාවන් ගමනාන්තයට ලඟාවෙන වේලාවන් , ජංගම දුරකථනය මගින් දැනගැනීමට හැකියාව ලැබෙන බව ප්‍රවාහන සහ මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
මීට අමතරව තමාට අවශ්‍ය ආසනයක් වෙන්කරවා ගැනීම ද ජංගම දුරකථනය හරහා කර ගත හැකි බව ද ඇමතිවරයා පවසයි.
හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින් සමාගම හා එක්ව නව යෙදවුම සකස් කළ බවත් ඉදිරියේදී මෙම වැඩසටහන තවත් දියුනු කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.