ශ්‍රියානි විජේසිංහ –
කාලස් වීදිය රොහලේ සය නිවුන් දරු උපතක් සිදු කළ බව රෝහල නිවේදනය කර ඇත. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පසුගිය ඉරිදා රාගම ප්‍රදේශයේ මවක් මෙම බිළිඳුන් හයදෙනා බිහිකර ඇති බවය.
අද උදෑසන මෙම කාන්තාව පිරිමි දරුවන් හය දෙනෙකු ප්‍රසූත කර ඇති අතර මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ අවසන් වරට වාර්තා වූ සය දරු උපත සිදුවන්නේ 2021 ඔක්තෝම්බර් මාසයේදීය. එම දරු ප්‍රසූතියේදී පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු උපත ලබා ඇත.