දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් පසුගිය සතියේදී අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 27 දෙනා නිදහස් කොට ඔවුන්ගේ යාත්රා නවය ආපසු බාර දෙන ලෙස ඉල්ලමින් රාමේස්වරන් ධීවරයෝ ඊයේ (16) සිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.
මෙම විරෝධතාවය දියත් කොට ඇත්තේ රාමේස්වරන් පම්බන් පාලම අසල මුහුදු තීරයේය.
රාමේස්වරන් ධීවර සංගමයට අයත් ධීවරයන් දහසක් පමණ මසුන් මැරීමේ කටයුතු සදහා මුහුදු නොගොස් මෙම විරෝධතාවය ආරම්භ කොට තිබුණහ.
ඔවුන් පවසා සිටින්නේ ඉන්දීය ධීවර ප්රශ්නය රාජ්ය තාන්ත්රික සුහදතාවයෙන් යුතුව සාකච්ඡා කොට විසඳා ගත යුතු ප්රශ්නයක් බවත් ඒ සඳහා ශ්රී ලංකා රජය සාකච්ඡා කීපයක්ම පවත්වා ගෙන යන අතරවාරයේ නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම නිසා යළිත් වරක් රටවල් දෙක අතරත් ඉන්දු ලංකා ධීවරයින් අතරත් විශාල ගැටලුමය තත්ත්වයක් හටගන්නා බවත්ය.
මේ නිසා රාජ්ය තාන්ත්රික මට්ටමකින් මේ ප්රශ්නයට විසදුමක් ලබා ගන්නා තුරු නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ව අත් අඩංගුවට ගනීමෙන් වැළකී සිටිය යුතු බවටද රාමෙස්වරන් ධීවරයන් සිය විරෝධතාවය මගින් ඉල්ලීමක් කොට තිබේ.