ලලිත් චාමින්ද –
නව හැවිරිදි වියේ පසුවන පාසල් දැරියකට ලිංගික අතවරකළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයකු ඊයේ (17) අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදිවියේ පසුවන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම දැරිය සිප වැළදගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි. දැරියගේ දෙම්ව්පියන් විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුනුවිල බණ්ඩාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.