දිනසේන රතුගමගේ
මන්නාරමේ දකුණු දිග මුහුදු ප්‍රදේශයේ සිටින කැස්බැවන් විශාල වශයෙන් මියගොස් ඔවුන්ගේ සිරුරු ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ.
පසුගිය දින තුනක කාලය අතුළත මියගිය කස්බෑවන් 13 දෙනෙකුගේ සිරුරු ගොඩ ගැසීමත් සමගම සිද්ධිය සම්බන්ධයෙන් හේතු සොයා බැලීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හා නාවික හමුදා කණ්ඩායමක් මන්නාරමට පැමිණ ඇත.
මන්නාරම් මුහුදු කපාලයේ වැඩි වශයෙන් කැස්බෑවන් මියගොස් ඇත්තේ සිලාවතුර මුහුදු ප්‍රදේශයෙන් වන අතර මියගොස් ගොඩට ගසන ලද එකම කැස්බෑ මළ සිරුරකවත් බාහිර තුවාල කිසිවක් දක්නට නොමති බව වන ජීවී නිලධාරීන් කියා සිටියි.
කැස්බෑවන්ගේ මළ සිරුරු 13 මුහුදු වෙරළට ගොඩ ගසා ඇති නමුත් තවත් කැස්බෑ මළ සිරුරු ගණනාවක් මුහුදේ පාවෙමින් තිබෙන බවද එම නිලධාරීහු කියා සිටියහ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරීන් මන්නාරමේ ධීරවයින්ගෙන් ඉල්ලා ඇත්තේ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිට ඒවා එකතු කරණ ලෙසය.