ඊශ්‍රයාලයට එල්ල කල හමාස් ප්‍රහාරය අතර අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හමාස් සටන් කරුවන් විසින් අත් අඩංගුවට ගත් ප්‍රාණ ඇපකරුවන් 150 දෙනා අතර සිටිය හැකි බවට තොරතුරු වාර්තා වන්නේ යැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඔහු පවසන්නේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශ රටවල් 36ක සිවිල් වැසියන් පිරිසක් හමාස් අත් අඩංගුවේ සිටින බවය.
මේ වනවිට අත් අඩංගුවට පත් වී සිටින සියලු දෙනාගේ විස්තර ඉල්ලා හමාස් ප්‍රාධාන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත්, එම විස්තර ලැබුනහොත් අපේ අතුරුදහන් වූ දෙදෙනා පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා ගත හැකි බවත් තානාපතිවරයා කීවේය.
ඊශ්‍රයාලයේ දී හමාස් ප්‍රහාරය අතර අතුරුදහන් වූ බව කියැවුන ශ්‍රී ලාංකික කාන්තාවක වූ අනුලා ජයතිලක යැයි සිතිය හැකි කාන්තාවක් හමාස් අත් අඩංගුවේ සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් පසුගිය සතියේ 7th News වෙබ් අඩවියේ පල වී තිබිණි.
කෙසේ වෙතත් මින් පෙර ඇය සේවයේ නිරත වූ පවුලේ ඥාති පිරිස් ප්‍රකාශ කර තිබුණේ ඇය හමාස් වෙඩි පහරින් මිය ගොස් ඇති බවය.
නමුත් මිය ගිය පිරිස අතර ඇයගේ සිරුර හමු නොවුනි.