මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගස් ඉදිරී වැටීම නිසා ඇතිවන අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ අවවාද මාලාවක් පොලිසිය විසින් නිකුත් කර තිබේ.
මේ වනවිට අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති මරණ 07කින් 06ක් ම සිදු වී ඇත්තේ ගස් කඩා වැටීම හේතුවෙන් වීම විශේෂය.
මේ වනවිට කොළඹ නගරය තුළ ගස් 50කට ආසන්න සංඛ්‍යාවක් කඩා වැටි ඇති අතර කොළඹ මහ නගර සභාව පවසන්නේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවය.
මින් පෙර අවදානම් තත්ත්වයේ තිබුණු බව හඳුනා ගත් වසර 50 -150 දක්වා පැරණි ගස් 200කින් ගස් 100කට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් අතර අනෙකුත් ගස්වල අතු කප්පාදු කිරීමට පියවර ගෙන තිබිණි.
කෙසේවෙතත් නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ මහනගර සීමාව තුළ කඩා වැටුණු කිසිඳු ගසක් මීට පෙර හඳුනාගත් අවදානම් සහිත තත්ත්වයේ ඒවා නොවන බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේය.
සිද්ධි සම්බන්ධව කළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් සුළං තත්ත්වය හේතුවෙන් මුලෙන් ඉදිරී ගොස් කඩා වැටී ඇති බවය.
මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කිරීමෙන් පසු විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මේ දිනවල කොළඹ නගරයේ වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට විශේෂ අවධානයෙන් සිටින ලෙස දන්වා සිටින පොලිසිය ගස් යට වාහන නවත්වා තැබීම, ගස් යට වාහන නවත්වා ඒ තුළ රැඳී සිටීම නොකරන ලෙස ද දන්වා ඇත.
මේ පසුබිම තුළ කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් කලාපයන් පැවැත්වෙන බෞද්ධාලෝක මාවත, කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, පෙරහර මාවත ජේම්ස් පීරිස් මාවත හන්දියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා මාර්ග එසේ වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් කලාප නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට පාගමින් එම මාර්ගවල ගමන් කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.