කීර්ති ප්රනාන්දු –
විදෙස්ගත ශ්රී ලාංකික ශ්රමිකයන් 30832කට කොවිඩ් 19 අර්බුදය නිසා රැකියා අහිමි වී ඇතැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
එසේම විදේශ රටවල සිටි ශ්රමිකයින් 50403 දෙනෙක් කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි ද ඔහු කියයි.
තවද විදේශගත ශ්රමිකයන් 4430ක් එ ඒ රටවල දී කොවිඩ් ආසාදනය වී ඇති බවත් එයින් 4071ක් සුවය ලබා ඇති බවත් ඔහු පවසයි.
මීට අමතරව ශ්රමිකයන් 122ක් කොවිඩ් 19 වැළඳීමෙන් ඒ ඒ රටවලදී මිය ගොස් ඇතැයි ද ඇමතිවරයා කියයි.