අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වසංගතයට එරෙහි එන්නත්කරණය අයි.ඩී.එච් එකෙන් ඇරඹෙයි…

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මුලින්ම එන්නත ලබා ගනී...

by editor
ජනවාරි 29, 2021
in පුවත්
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එන්නත ලබා ගනිමින්..

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එන්නත ලබා ගනිමින්..

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඊයේ (28) දින මෙරටට ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පළමුවරට ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම   ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් අයි.ඩී.එච් රෝහලේදී අද (29) දින ආරම්භ වූයේය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000ක් ඊයේ දිනයේදී මෙරටට ලැබිණි.  සකස්කර ඇති ප්‍රමුඛතා ලේඛනය අනුව එම එන්නත් කොවිඩ් 19 පාලනය සදහා එක්වී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලීසිය වෙත ලබාදීමට කටයුතු සලසා තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කීවේය.

එහි පළමු පියවර අද දිනයේදී IDH රෝහල ඇතුලුව බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී (කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල – කළුබෝවිල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල – රාගම, මුල්ලේරියාව රෝහල සහ හෝමාගම මූලික රෝහල) ආරම්භ විය. එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා දෙකක් ලබාගත යුතු අතර අද දිනයේදී ලබාදෙනු ලැබුවේ එහි පළමු මාත්‍රාවයි. එම එන්නත මුලින්ම එන්නත් කරනු ලැබුවේ IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය. ඉන් අනතුරුව එම රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී චම්පිකා ගීතානි උඩුගමකෝරාළට එන්නත ලබාදුන් අතර ඉන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය   දැඩි උනන්දුවකින් යුතුව රෝහල් කාර්ය මණ්ඩලය එන්නත ලබා ගත්තේය.   අද දිනයේදී දෙදහසක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට ප්‍රධාන රෝහල් 06කදී එන්නත් කිරීම සිදුකිරීමට අපේක්ෂිතය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය එක්ව නිර්මාණය කර ඇති මෙම එන්නත ලොව පුරා රටවල් 08ක නිෂ්පාදනය කෙරෙන අතර ලංකාවේ අද භාවිතා කල එන්නත ඉන්දියාවේ සීරම් ඉන්සිටිටියුට් හි නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතය.    එහි සාර්ථකත්වය 62% – 90% දක්වා වන බව පර්යේෂණ වාර්තා තහවුරු කර ඇත. මෙම එන්නතෙහි සංකූලතා අවම බවට සහ පර්යේෂණ සඳහා භාවිතා කළ කිසිවෙකු රෝහල් ගතකර ප්‍රතිකාර ලබාගැනීමට තරම් තත්වයක් උදාවී නොමැති බවට වාර්තාවේ.

ඉන්දියාවේ සීරම් ආයතනය ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන අතර ඔවුන්ගේ කොවිෂීල්ඩ් එන්නත මේවන වට භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් රාජ්‍යය වෙත භාවිතය සඳහා ලබාදී ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අද දින IDH රෝහලේ පැවැති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එන්නත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, IDH රෝහලේ අධ්‍යක්ෂ හසිත අත්තනායක   ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපිටිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගියෙක් අද උදේ මිය යයි…

Next Post

අද ඇරඹුනත් එන්නත්කරණය සම්පූර්ණ වෙන්න අවුරුදු දෙකක් යාවි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.