ලලිත් චාමින්ද
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩි ආසාදිත රෝගින් රඳවා සිටින 36 වාට්ටුවේ සිටි රෝගියකු අද (29) උදැසන මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.
මියගොස් ඇත්තේ 67 හැවිරිදි වියේ පසුවන වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙකි රෝගියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (29) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.







