තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. ඒ අනුව, මෙරටින් දැනට නිල වශයෙන් තහවුරු කර වාර්තා කර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,806කි.
අද වර්තා කළ මරණ 15 අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු අයත්ය.







