චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ පිරිවැය හා මූල්‍ය ආදායම පහත වැටීම හේතුවෙන් පළාත් පාලන ආයතනවලට දැවැන්ත මූල්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු වී ඇත. ඒ හේතුවෙන් රාජ්‍ය සේවා කප්පාදුව, සිවිල් සේවකයින්ට ගෙවීම් ප්‍රමාද වීම සේම රෝහල්වල ක්‍රියාකාරීත්වයට ද ගැටලු ඇති වී තිබේ.
නගර දෙකක් අතර සිදු කෙරෙන බස් ගමනාගමනවලටත් ගැටලු ඇති වී තිබෙන අතර මධ්‍යම හෙනාන් පළාතේ මිලියන 1.06ක ජනගහනයක් වෙසෙන ඩැන්චෙන්ග් නගරයේ බස් සේවාවන් මේ වන විට නතර කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ “බස් සමාගම ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇති අතර රියැදුරන්ගේ වැටුප් මාස කිහිපයකින් නොගෙවීම නිසා සියලුම නාගරික බස්රථවල සේවා අත්හිටුවීමට හේතු වී තිබේ..” යනුවෙනි. නිල වී චැට් ගිණුම හරහා මෙම නිවේදනය නිකුත් කර තිබුණත් පසුව එය ගිණුමෙන් ඉවත් කර තිබිණි.
මේ අතරතුර මූල්‍ය අර්බුදය හේතුවෙන් ගුවන්ග්ඩොන්ග් පළාතේ බොලුවෝ ප්‍රාන්තයේ බස් මාර්ග ගණනාවක් ගමන් අත්හිටුවා තිබේ.