සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

යකඩ තිරයකින් වැසුණු පකිස්තානයේ රහස්

by Lanka Sara Editor
අගෝස්තු 26, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

පකිස්තානය මේ වන විට ආර්ථික මෙන්ම සමාජීය සහ දේශපාලන වශයෙන් ද බලවත් අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව බොහෝ වාර්තා හෙළිකරයි. පකිස්තානයේ ඇත්ත පිළිබද එරට කයිබර්පක්තුන්ක්වා ප්‍රාන්තයේ මාධ්‍යවේදිනියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ දැනටත් ඒ පිළිබද ක්‍රියාකාරිනියක යන සනා එජාස්  මහත්මිය විශේෂ කරුණු රැසක් හෙළි කර තිබිණ. ඒ දකුණු ආසියානු අධ්‍යාපනය පිළිබඳ යුරෝපීය පදනමේ ( EFSAS) අධ්‍යක්ෂ ජුනයිඩ් කොරෝෂි සමග කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

එජාස්, ස්තුන් ටහෆුස් (Pashtun Tahafuz) ව්‍යාපාරයේ (PTM) ප්‍රමුඛ සාමාජිකාවක මෙන්ම පාෂ්තුන්  කාන්තාවන් අතර දේශපාලන දැනුවත්භාවය ඇති කිරීම අරමුණු කරගත් වාක් (Waak) ව්‍යාපාර ද යේ ආරම්භක සාමාජිකාවකි. ඇය ඊට පෙර අවාමි ජාතික පක්ෂයේ  (Awami National Party (ANP) තරුණ අංශයේ උප සභාපතිනිය ද වූවාය.

මානව හිමිකම් සහ විශේෂයෙන් පකිස්ථානයේ සුළුතර අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සනා එජාස් 2018 වසරේ දී පකිස්තානයේ ජාතික විකාශන සේවාව වන පකිස්තාන රූපවාහිනී සංස්ථාවේ (පීටීවී) සේවයෙන් ඉවත් කරනු ලැබීය. එතැන් සිට  ඝාතන තැත් තුනකින් දිවි ගලවා ගත් ඇය මේ වන විට  ලන්ඩනයේ ජීවත් වන්නීය.

සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය සහ පුවත්පත් කලාව පිළිබඳ ඇගේ කතාව වසර 2007 දී  ආරම්භ වූ ආකාරය එජාස්  පැහැදිලි කරන්නීය. තමාගේ ක්‍රියාකාරී ස්වභාවය හේතුවෙන් සේවා යෝජකයන්ට පාකිස්තාන හමුදා වෙතින් නිරන්තර බලපැම් එල්ල වීම ඇයගේ වෘත්තිය ජීවිතයටද බලපෑම් එල්ල කර තිබිණ.  මිලිටරි සංස්ථාපිතය, පාකිස්ථානය ආරක්ෂක අධිකාරීන් විසින් පාලනය කරනු ලබන බන්ධනාගාරයක් වැනි පද්ධතියක් බවට පරිවර්තනය කර ඇති අතර, අන්තර් සේවා බුද්ධි අංශය (ISI) මිලිටරි පාලනය තහවුරු කිරීමේදී විශේෂයෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන බව ඇය පවසන්නීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්දනය 

මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනය, පකිස්තාන හමුදාවේ  දේශපාලන ආකෘතියේ ප්‍රධාන අංගයක් වන බව එජාස් මහත්මිය සදහන් කළාය.  පාකිස්තානයේ පීතෘමූලික ව්‍යුහයන්ගේ ව්‍යාප්තිය හේතුවෙන් විශේෂයෙන් කාන්තා ක්‍රියාකාරීන් අත්විඳින මර්දනය, විශාල බව ඇය පෙන්වා දුන්නාය. බලධාරීන් විසින් ඒ සඳහා භාවිතා කරන ලද උපක්‍රම අතර කාන්තා ක්‍රියාකාරීන්ගේ චරිත ඝාතන, ක්‍රියාකාරීන්ගේ පවුල්වලට තර්ජනය කිරීම සහ පිරිමි පවුලේ සාමාජිකයන්  ඝාතනවලට සම්බන්ධ කිරීම ආදිය ඇතුළත් වන බව ඇය වැඩිදුරටත් විස්තර කළාය.

පර්යන්ත කලාපවල රහසේ සිදුවන රාජ්‍ය මර්දනය 

බලුකිස්තානය වැනි දේශපාලනික හා භූගෝලීය වශයෙන් පර්යන්ත ප්‍රදේශ සහ පෂ්තුන් ගෝත්‍රික තීරයේ විශාල ප්‍රදේශවල මාධ්‍ය තුළින් අනාවරණය නොකිරීම මගින් රාජ්‍යයේ මර්දනකාරී ක්‍රියාකාරකම් පහසු මෙන්ම තවදුරටත් සක්‍රීය කරයි. එජාස්  අවධාරණය කළේ, පෙර පැවති සංස්කෘතික ව්‍යුහයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් , ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනකාරී ක්‍රියා සහ මාධ්‍ය ආවරණයේ ඌනතාව තවදුරටත් ශක්තිමත් කරන බවයි.

සුළු  ජාතීන්ට වෙනස්කම් 

1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීමෙන් පසු හමුදා කුමන්ත්‍රණ සහ යුධ නීතිය තත්‍යානුකූලව පැනවීම පාකිස්තාන ඉතිහාසය සහ සමාජය ආධිපත්‍යය දැරූ ආකාරය, සුළු ජාතීන්ට වෙනස් කොට සැලකීම වැනි ව්‍යුහයන් හමුදා සංස්ථාපිතය වර්ධනය කිරීමට ඉඩ සලසන ආකාරය පිළිබඳව එජාස් මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

එජාස් ද සම්බන්ධ පෂ්තුන් ටහෆුස් ( Pashtun Tahafuz) ව්‍යාපාරය වැනි සංවිධාන, පකිස්ථාන ව්‍යවස්ථාවෙන් සියලුම පකිස්ථාන පුරවැසියන්ට පොරොන්දු වන මූලික අයිතිවාසිකම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

1947 න් පසු  මායිම් අපරාධ නියාමනය වැනි යටත්විජිත යුගයේ නීති සම්පාදනය කිරීම මගින් යටත් විජිත පාලන ප්‍රවේශයේ ප්‍රධාන කොටස් පවත්වාගෙන යාම වෙනුවට ඉන්දියාවට එරෙහිව,  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පකිස්තානය අසමත් වී ඇති බව  එජාස්  පෙන්වා දෙන්නීය.

පකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නංවාලීම සඳහා, පාකිස්ථානය පදනම් කරගත් මානව හිමිකම් ආයතන අද පකිස්තාන සුළු ජාතීන් මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරීම තවදුරටත් ඉහළ නැංවිය යුතු බව එජාස් මෙහිදී යෝජනා කළාය.

පෂ්තුන් (Pashtun) පාලනය සහිත කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa (KP) පළාතේ, රාජ්‍යයට එරෙහි  විරෝධතා සාමාන්‍ය දෙයක් වී ඇති අතර ආරක්ෂක බලධාරීන් විසින් එම විරෝධතා  නිතර මර්දනය කරනු ලැබේ.

ඇෆ්ගන් තලේබාන් සහ පකිස්තානය අතර සබඳතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ  එජාස්පැවසුවේ මෙම ආතතීන් පාකිස්තානයේ ‘හොඳ’ සහ ‘නරක’ තලිබාන්වරුන් අතර වෙනසක ප්‍රතිඵලයක් බවයි.  (එනම්, පකිස්තාන් ගැති තලේබාන් සහ ටෙහ්රීක් වැනි පකිස්තාන් විරෝධී කණ්ඩායම් අතර ස්ථාවර වෙනසක ප්‍රතිඵලයක් බවයි. (එනම්, පකිස්තාන් ගැති තලේබාන් සහ ටෙහ්රීක්-ඉ-තලිබාන් පකිස්තාන් (ටීටීපී) වැනි පකිස්ථාන විරෝධී කණ්ඩායම් යන කොටස් දෙක අතර)තලිබාන් සහ හකානි ජාලය, විසින් පකිස්ථානයේ ගෝත්‍රික ප්‍රදේශවල මද්‍රාසා දිගටම පවත්වාගෙන යන බව එජාස් මෙහිදී අවධාරණය කළාය.

පකිස්ථානයේ සමකාලීන දේශපාලන කටයුතු පිළිබඳ අදහස් දැක්වූ එජාස් පැවසුවේ , මෑතදී බලයෙන් පහ කළද ඉම්රාන් ඛාන් නැවත බලයට පැමිණීමට ඉඩ ඇති බවයි. ඛාන්, මහජන දේශපාලන සහභාගීත්වය දිගින් දිගටම අඩපණ කරන සහ මිලිටරිය විවේචනය කරන දේශපාලනඥයන් ඉලක්ක කර ගැනීම දිරිමත් කරන, හමුදා සංස්ථාපිතය සඳහා රූකඩයක් ලෙස කටයුතු තර ඇති බව ඇය සඳහන් කළාය. පකිස්තාන සිවිල් සහයෝගීතා සංවිධාන (CSOs), විශේෂයෙන්ම වාර්ගික සුළුතරයන් සමඟ වැඩ කරන  සිවිල් සහයෝගීතා සංවිධාන විසින් කාන්තා සවිබල ගැන්වීම දියුණු කර ඇති බව ඇය අවධාරණය කළාය.

නැවත වරක් පකිස්ථාන ජාතිකත්වය පිළිබඳ උර්දු කේන්ද්‍රීය අවබෝධයක් තහවුරු කිරීමට පකිස්ථාන බලධාරීන් උත්සාහ කරන බව එජාස් අවසන් වශයෙන් සඳහන් කළාය.

මෙය සටන්කාමීත්වය සඳහා පෂ්තුන්වරුන්ට දොස් පවරමින්, පකිස්ථානයේ හසාරාවරුන් ඉලක්ක කර ගනිමින් සහ සාමාන්‍යයෙන් නිකායික ආතතීන් උත්සන්න කරමින් ද අන්තර් වාර්ගික ආතතීන් උත්සන්න කිරීමට දරන උත්සාහයක  පුලුල් ප්‍රවේශයක් ගෙස ඇය පෙන්වා දෙයි.

ඇය අවධාරණය කරන්නේ පකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තිරසාර ලෙස වැඩිදියුණු කිරීම සඳහා, පීඩිත සුළු ජාතීන් රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක් නිර්මාණය කිරීමට එක් විය යුතු අතර පකිස්ථාන මහජනතාව පකිස්ථාන දේශපාලනඥයන්ට පමණක් නොව පකිස්ථානු හමුදාවේ සාමාජිකයින්ට ද දේශපාලන පීඩනය එල්ල කළ යුතු බවයි.

Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති…

Next Post

කොවිඩ් පරදවන්න ගිහින් චීන ජනතාව පාරේ අතරමං වෙයි!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.