ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වීම් පිළිබඳ දත්ත හා සංඛ්‍යාලේඛන ජාත්‍යන්තරය වෙත භාවිතය සඳහා යොදාගැනීම අර්ථ විරහිත සහ නොමඟ යවන සුළු බවත් ශ්‍රී ලංකාවේ දත්ත විකෘති කිරීමක් සිදුවන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබද මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.
සෑම අවස්ථාවකම කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 සිමාවට අඩුවෙන් තබාගැනීමට උත්සහ දරන ආකාරයක් පෙනී යන අතර සත්‍ය වශයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වන සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වය පසුගිය අප්‍රේල් මාසයේ සිටම දක්නට ලැබෙන බවත් එම මාසයේ ද කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සෑම විටම අසාමාන්‍ය ලෙස 2000කට අඩු මට්ටමක පැවති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් පිළිබඳ සංඛ්‍යාලේඛන සහ එහි විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත් රජයේ නිලධාරින් කිහිපදෙනෙකුගේ සදාචාරාත්මක නොවන ක්‍රියාවක් මේ පසුපස පවතින බවත් ඔහු අවධාරණය කරයි.