කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන මාස 3 ඉක්ම ගිය පුද්ගලයින් සියලුම දෙනාට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
බස්නාහිර හා දකුණු පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අම්පාර දිස්ත්‍රික්කය තුළත් සිටින පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලබා දීම අද (17) සිට ආරම්භ කළ බව විශේෂඥවරයා පැවසීය.
මෙම ප්‍රදේශයන් හි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සිටින්නේ නම් හා මාස තුනක් ගතව ඇත්නම් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශයන් හී පූර්ණ එන්නත්කරණයට ලක් වූ පූද්ගලයින් සදහා බූස්ට එන්නත ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.







