තුෂාරී කළුබෝවිල –
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත ව මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හොඳින් වර්ධනය වූ පීඩන පද්ධතියක් බවට පත් විය හැකි බවත්, ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් නැගෙනහිර දිග බෙංගාල බොක්ක හා උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදේ සුළඟ පැයට කිලෝමීටර් 60 පමණ දක්වා වැඩි විය හැකි බැවින් ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බවට අනතුරු අඟවයි.
එසේ ම කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයිනේ සබරගමුව, වයඹ, මධ්‍යම, උතුර, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්,
අම්පාර හා මඩකලපුව ප්‍රදේශවලත් වැසි ඇති වේ.
එබැවින් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශවල ජනයා වඩාත් විමසිලිමත් වියයුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.