බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිගේ කාබනික ගොවිතැන ෆේල් වෙන හැටි විමල් පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
නොවැම්බර් 17, 2021
in පුවත්
wimal-weerawansa-
Share on FacebookShare on Twitter

කාබනික ගොවිතැන රටට හඳුන්වා දීමට ජනාධිපතිතුමා කටයුතු කළේ සද්භාවයකින් වුවද ලෝකයේ  පවතින තත්ත්වය අනුව මේ සද්භාවයෙන් පමණක් රටේ කෘෂිකර්මය සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි  බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය විවාදයේදී අදහස් දක්වමින් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේ කෘෂිකර්මයේදී අපට කාබනික කෘෂිකර්මාන්තයෙන් පමණක් අවශ්‍යතා සුපරා ගන්නට නොහැකි බව තේරුම් ගතයුතු බව පෙන්වා  දුන්නේය.

පසුගිය කාලයේ දී විවෘත වෙළෙඳපොළ රටාව තුළ මෙරට තිබූ විධිමත් කෘෂිකර්මය වානිජ බලපෑම්වලට යටත් වූ බවත් මේ තත්ත්වය හේතුවෙන් රජයේ වගා උපදෙස් වෙනුවට කෘෂි රසායන පොහොර සමාගම්වල වෙළෙඳ බලපෑම්වලට කෘෂිකර්මය ලක්ව ඇති අතර අද කළ යුත්තේ අවශ්‍යතා අනුව රසායනික යෙදවුම් සහිත ස්වාභාවික කෘෂිකර්මයකට යොමු වීම මිස කාබනික වගාවකට යොමුවීම නොවන බව පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වීරවංශ

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“විවෘත වෙළෙඳපොළ කුමය තුළ අප අද අප මුහුණ දී සිටින්නේ අවපාත තත්ත්වයකට. මේ තත්ත්වයට සාම්ප්‍රදායික දේශපාලනයට මුහුණ දීමෙන් කිසිවකුට ඉදිරියට යා නොහැකි බව අප තේරුම් ගත යුතුයි. “

“අද  ගොවිතැන  පිළිබඳව විශාල සංවාදයක් ඇතිව තිබෙනවා. කාබනික ගොවිතැන හඳුන්වා දෙන්නට ජනාධිපතිතුමා කටයුතු කළේ සද් භාවයෙන්. නමුත්  සද්භාවය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. රසායනික පොහොර වානිජ කෘෂිකර්මාන්තය ලෙස නොවෙයි  එය ස්වභාවික කෘෂිකර්මාන්තය ලෙස තේරුම් ගත යුතුයි. එහිදී සිදුවිය යුත්තේ පසට ගමට අවශ්‍ය ප්‍රමාණයට රසායනික හෝ කාබනික හෝ අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට යෙදීමයි. සිදුවිය යුත්තේ එයයි.  අපි  වුණාම දොස්තරලා ළඟට යනවා ඇඟට යම් විටමින් එකක් අඩුයි නම් ඒක ගන්න කියනවා. සමහර දොස්තරලා ඉන්නවා ඒ අය සමාගම්වල කොමිස් එක මත විටමින් අවශ්‍ය නොවුණත් ඒක ගන්න කියනවා. ගොවිතැනේදීත් ඒක එහෙමම වෙනවා. අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් අපි යොදනවා.“

“ මේ සමාගම්වල බලපෑමට. මේ ත්තත්වය නිර්මාණය වුණේ විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟම. ඉස්සර අපේ ගම්වලට වගා මහත්තයෙක් හිටියා. වගාවට සුදුසු පස පරික්ෂණ කරනවා. අවශ්‍ය ආකාරයට පොහොර නිර්දේශ කරනවා .ඒ වගා මහත්තයා ජයවර්ධන ආණ්ඩුවෙන් නැති කරල දැම්මා.  අද වෙන්නේ සමාගම්වල අවශ්‍යතාකවට ඕනවට වඩා පොහොර පැටවීමයි. අපි නැවැත්විය යුත්තේ එයයි. එහෙම නැතිව කාබනික වගාවට ගිහින් මේක කරන්න බෑ.

දැන් අපේ රජය සහල් මිලදී ගන්න උත්සාහ කරනවා. මම දන්න තරමින්  ගොඩක් රටවල් තමන් සතු සහල් දෙන්නේ නෑ. ඊට හේතුව ආහාර සුරක්ෂිතකතාව සම්බන්ධයෙන් පවතින ප්‍රශ්න. ඔවුන් හිතනවා  ආහාර අභියෝගයක් එයි. අතිරික්තයක් හැටියට ගොඩ ගහගන්න ඕන කියල. අපිත් ඉන්නේ එවැනි තැනක. “ යයිද අමාත්‍ය වීරවංශ ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් කූඩුවේ මිය ගිය පනාමුරේ පුද්ගලයා ගැන පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්!.

Next Post

කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ගත් සියලු දෙනාට මාස තුනකින් පසු බූස්ටර් එන්නතක්… රජය කියයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.