කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේද විදේශ සංචාරකයින් හරහා මෙරටට ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා පවසයි.
මෙරටට පැමිණෙන විදේශ විදේශික සංචාරකයින් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කරනු ලබන්නේ සිය නිරෝධායන කාලසීමාව අවසන් වීමට පෙර බවත් මේ නිසා මෙම අවදානම තවත් වැඩිවනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
මේ තත්ත්වය මත විදේශ සංචාරකයින් සඳහා සකසා ඇති සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසියාකාරව ක්‍රියාවට නැංවිය යුතු අතර ඊට අදාළ පාර්ශ්වයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
සංචාරකයින් ලංකාවට පැමිණි අවස්ථාවේ සිට ඔවුන් මෙරටින් පිටව යන අවස්ථාව දක්වා ඔවුන් සමඟ කටයුතු කරන පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.