දිනසේන රතුගමගේ –
යාපනයේ කොඩිගාමම් කුරිච්චි ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී දේව ප්‍රථිමා 12 ක් ඊයේ ( 10 ) හමු වී තිබේ.
ඉඩම් හිමියා විසින් සිය ඉඩමේ වළක් හාරමින් සිටි අවස්ථාවේදී කලුගලක් හමු වී ඇති අතර ඒ පිළිබදව විමසිලිමත් වූ විට එය දේව ප්‍රථිමාවක් බව අවබෝධ කර ගෙන තිබේ.
පසුව කොඩිගාමම් පොලිසියට සිද්ධිය දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ හාරාද්දී ඉ දේව රූප 12ක් හමු වී තිබේ.
එම දේව ප්‍රතිමා පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර පුරා විද්‍යා නිලධාරීන්ට ඉදිරිපත් කර එම ප්‍රථිමා සම්බන්ධව වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය අධිකරණමය ක්‍රියාදාමයක් අනුගමනය කොට තිබේ.
කොඩිගාමම් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.