සබරගමුව සරසවිය තුළ පසුගිය 05 වැනිදා සිදුවූ නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් තවත් සරසවි ශිෂ්‍යයින් 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව මින් පෙර තවත් සිසුන් 05ක් අත්අඩංගුවට ගෙන ඇත. මේ වනවිට 10 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
ඊයේ අත්අඩංගුවට ගත් සිසුන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය පිළිබඳ විමර්ශනයට පිහිටුවා ඇති විශේෂ ඒකකය මගින් ඉදිරි විමර්ශන පවත්වාගෙන යනු ලබයි.