බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනී මරන ගෑස් ගෙනාපු කල්ලිය ගැන යළි හෙලිදරව්වක් !

by Lanka Sara Editor
අප්‍රේල් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලයින් කිහිප දෙනකුගේ  ජීවිත  අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය 2021 වසරේ සිදුවූ ගෘහස්ත ගෑස් සිලන්ඩර පිපිරීම පසුපස සිටි ප්‍රධානතම පුද්ගලයා ලිට්රෝ ගෑස් හිටපු සභාපති අනිල් කොස්වත්ත බවත් මේ අනතුර සිදුවිය හැකි බවට මුලින්ම තමන් ලිඛිතව දැනුවත් කළද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් එය සැඟවීමට කටයුතු කළ බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වන තුෂාන් ගුණවර්ධන ඊයේ (10) අනාවරණය කළේය.

මේ වනවිට සිට ජීවිතාරක්ෂාව පතා ඔස්ට්‍රේලියාවට ගොස් රැකියාවක නිරත  සිටින ගුණවර්ධන මහතා චමුදිත සමරවික්‍රම ගේ  ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවට විශේෂ සම්මුඛ සාකචඡාවක් ලබා දෙමින් මේ බව අනාවරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙම ගෑස් ප්‍රශ්නය පිළිබඳව  යළි යළි මතු නොකරන ලෙස ඉල්ලා තමන්ට මුදල් ලබා දීමටද උත්සාහ කළ බවත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටින හිටපු කැබිනට් අමාත්‍යවරයකු තමන්ට මුදල් ලබා දීමටද උත්සාහ කළ බවත් ඔහු එහිදී සදහන් කළේය. ඒ තමන් මේ කටයුතු සම්බන්ධයෙන්  සියලු තමන් දන්නා සියලු කරුණු අභියාචනාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ලබා දුන් බවද තුෂාන් ගුණවර්ධන  සඳහන් කර සිටියේය.

තුෂාන් ගුණවර්ධන

වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයතු වන ගුණවර්ධන  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළේය.

“ මේ ගෑස් ප්‍රශ්නයේ ප්‍රධානතම වරදකරුවා අනිල් කොස්වත්ත. ඔහු තනිකරම ජාවාරම්කාරයෙක්. කාගේ හරි වුවමනාවක් එයා ඉෂ්ඨ කළේ. අනිල් කොස්වත්තයි ඒ  හිටපු අධ්‍යෂ මණ්ඩලයයි මේකේ වගකම ගන්න ඕන. ඔවුන් හදුන්වා දුන් ගෑස්වල බියුටේන් ප්‍රොපේන් සංයුතිය ගැලපෙන්නේ නෑ. ඒක පුපුරනවා කියල පැහැදිලිවම ඒ අය දැනගෙන හිටියා. අභියාචනාධිකරණයේ විභාගය වන ගෑස් පිරිරීම නඩුවේ දිවුරුම් ප්‍රකාශයේ වෙච්ච සිද්ධිය පිළිබඳව මගේ ගාව තියනවා ලිය කියවිලි.  බන්දුල ලසන්ත අමාත්‍යවරුන් දෙදෙනාට මම දැන්වුත් කළා.  මේක මහජනතාවට භයානයකයි මේක පුපුරයි කියල මම රතු පාටින් ලියපු ලියුම 2021 මැයි 21.බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් දෙදෙනාට  පාරිභොගික  අධිකාරියේ සභාපති, වෙළෙඳ අමාත්‍ය ලේකම්වරයාට යොමු කළා.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජනාධිපති ලෙකම් ආචාර්ය  පී.බි ජයසුන්දරත් දැන හිටියා. ඔවුන් මගේ කට වහන්න උත්සාහ කළා මිස  මීට පියවර ගත්තේ නෑ. මේ අවුලක් වෙයි කියල දැනනෙ හිටියා. අපේ රටේ මිනිස්සු ගෑස් සම්බන්දයෙන් පවිච්චි කරන්නේ බාල උපාංග.   මේ නව දංයුකිය සමඟ සිලින්ඩරය තුළ පීඩනය දෙගුණයක් වැඩියි. අපි මේක දැක්කා අප්‍රියෙල් 15 වෙනකොට දැන ගත්තා. අප්‍රියෙල්  20 මේ ගෑස් වෙළෙඳපොළේ අයින් කරන්න කියල  අණ කිරීමක් කළා. ඇහුවේ නෑ. “

ඊට පසුව තමන්ට මරණ තර්ජන පැමිණි බවත් මෙම  මරණ තර්ජනවලට බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් සම්බන්ධ බවටත් හෙතෙම චෝදනා කළේය.

ගෑස් පිළිබඳව මේ වනවිට අභියාචනාධිකරණයේ විභාග වන නඩුවක තමන්ද වගඋත්තරකරුවකු වන බවත් එහිදී තමන් මේ සම්බන්ධයෙන් දන්නා සියලු කරුණු දිවුරුම් පෙත්සමක් මඟින් ලබා දී ඇති අතර ඉදිරියේදී එම නඩුව විභාග වීමේදී දැන ගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් සම්බන්ධව සිසුන් 05ක් අත්අඩංගුවට…

Next Post

සෙට්ටිකුලමේ හදිසියේ තැබූ බුදු පිළිමයක හදිසියේම අතුරුදන්!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.