පුද්ගලයින් කිහිප දෙනකුගේ ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය 2021 වසරේ සිදුවූ ගෘහස්ත ගෑස් සිලන්ඩර පිපිරීම පසුපස සිටි ප්‍රධානතම පුද්ගලයා ලිට්රෝ ගෑස් හිටපු සභාපති අනිල් කොස්වත්ත බවත් මේ අනතුර සිදුවිය හැකි බවට මුලින්ම තමන් ලිඛිතව දැනුවත් කළද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් එය සැඟවීමට කටයුතු කළ බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වන තුෂාන් ගුණවර්ධන ඊයේ (10) අනාවරණය කළේය.
මේ වනවිට සිට ජීවිතාරක්ෂාව පතා ඔස්ට්‍රේලියාවට ගොස් රැකියාවක නිරත සිටින ගුණවර්ධන මහතා චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවට විශේෂ සම්මුඛ සාකචඡාවක් ලබා දෙමින් මේ බව අනාවරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙම ගෑස් ප්‍රශ්නය පිළිබඳව යළි යළි මතු නොකරන ලෙස ඉල්ලා තමන්ට මුදල් ලබා දීමටද උත්සාහ කළ බවත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටින හිටපු කැබිනට් අමාත්‍යවරයකු තමන්ට මුදල් ලබා දීමටද උත්සාහ කළ බවත් ඔහු එහිදී සදහන් කළේය. ඒ තමන් මේ කටයුතු සම්බන්ධයෙන් සියලු තමන් දන්නා සියලු කරුණු අභියාචනාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ලබා දුන් බවද තුෂාන් ගුණවර්ධන සඳහන් කර සිටියේය.
වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයතු වන ගුණවර්ධන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළේය.
“ මේ ගෑස් ප්‍රශ්නයේ ප්‍රධානතම වරදකරුවා අනිල් කොස්වත්ත. ඔහු තනිකරම ජාවාරම්කාරයෙක්. කාගේ හරි වුවමනාවක් එයා ඉෂ්ඨ කළේ. අනිල් කොස්වත්තයි ඒ හිටපු අධ්‍යෂ මණ්ඩලයයි මේකේ වගකම ගන්න ඕන. ඔවුන් හදුන්වා දුන් ගෑස්වල බියුටේන් ප්‍රොපේන් සංයුතිය ගැලපෙන්නේ නෑ. ඒක පුපුරනවා කියල පැහැදිලිවම ඒ අය දැනගෙන හිටියා. අභියාචනාධිකරණයේ විභාගය වන ගෑස් පිරිරීම නඩුවේ දිවුරුම් ප්‍රකාශයේ වෙච්ච සිද්ධිය පිළිබඳව මගේ ගාව තියනවා ලිය කියවිලි. බන්දුල ලසන්ත අමාත්‍යවරුන් දෙදෙනාට මම දැන්වුත් කළා. මේක මහජනතාවට භයානයකයි මේක පුපුරයි කියල මම රතු පාටින් ලියපු ලියුම 2021 මැයි 21.බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් දෙදෙනාට පාරිභොගික අධිකාරියේ සභාපති, වෙළෙඳ අමාත්‍ය ලේකම්වරයාට යොමු කළා.
ජනාධිපති ලෙකම් ආචාර්ය පී.බි ජයසුන්දරත් දැන හිටියා. ඔවුන් මගේ කට වහන්න උත්සාහ කළා මිස මීට පියවර ගත්තේ නෑ. මේ අවුලක් වෙයි කියල දැනනෙ හිටියා. අපේ රටේ මිනිස්සු ගෑස් සම්බන්දයෙන් පවිච්චි කරන්නේ බාල උපාංග. මේ නව දංයුකිය සමඟ සිලින්ඩරය තුළ පීඩනය දෙගුණයක් වැඩියි. අපි මේක දැක්කා අප්‍රියෙල් 15 වෙනකොට දැන ගත්තා. අප්‍රියෙල් 20 මේ ගෑස් වෙළෙඳපොළේ අයින් කරන්න කියල අණ කිරීමක් කළා. ඇහුවේ නෑ. “
ඊට පසුව තමන්ට මරණ තර්ජන පැමිණි බවත් මෙම මරණ තර්ජනවලට බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් සම්බන්ධ බවටත් හෙතෙම චෝදනා කළේය.
ගෑස් පිළිබඳව මේ වනවිට අභියාචනාධිකරණයේ විභාග වන නඩුවක තමන්ද වගඋත්තරකරුවකු වන බවත් එහිදී තමන් මේ සම්බන්ධයෙන් දන්නා සියලු කරුණු දිවුරුම් පෙත්සමක් මඟින් ලබා දී ඇති අතර ඉදිරියේදී එම නඩුව විභාග වීමේදී දැන ගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.