දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒම හා එල්.ටී.ටී.ඊ.සංවිධානය සමග සබඳකම් පැවැත්වීම යන කාරණා මත පරීක්ෂණ පවත්වන ඉන්දියාවේ කේරළ පොලීසිය 14 දා තවත් ශ්‍රී ලාංකික දෙමළ තරුණයෝ හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි වලසරවාක්කම් ප්‍රදේශයේ දෙමළ සරණාගත නිවාස හතරකිනි.
මීට සති දෙකකට පමණ ඉහතදි ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රදේශයට ගොස් තිබූ බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ස්වයංක්‍රීය ගිණි අවි කීපයක් හා රුපියල් කෝටි 3000 ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් කේරළ පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
මේ පිළිබදව සිදු කළ පරීක්ෂණ වලදී ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයින් දෙදෙනෙකු වන සුරේෂ් රාජ් හෙවත් සින්න සුරේෂ් සහ සෞන්ද්‍රරාජන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු හා ඔවුන් සමග කටයුතු කළ පිරිසක් මේ ජාවාරම් වල නිරත බවත් එම ජාවාරම පකිස්ථානු ජාතිකයෙකු විසින් මෙහෙයවන බවටත් මුලින්ම තොරතුරු හෙළි වී තිබුණේය.
ඒ ඔස්සේ කේරළ පොලීසිය විසින් සිදු කළ පුලුල් මෙහෙයුමකින් පසුව මේ ජාවාරම් වලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කේරළ පොලීසිය තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.