ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්ජාබ් අතුරු මැතිවරණයේදී හා මහ මැතිවරණයේදී වංචා සිදු කිරීම සඳහා අපේක්ෂිත ලංසු ව්‍යර්ථ කිරීමට පක්ෂයේ කොටි බලකාය හා සම්බන්ධ වෙන්න යැයි පාකිස්ථානයේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් පසුගිය සඳුදා ඉල්ලා සිටියේය.
අලුතින්ම දියත් කරන ලද වෙබ් අඩවිය ඔස්සේ තරුණයින්ට කොටි බලකාය හා එකතු වෙන්න යැයි වීඩියෝ පණිවිඩයක් මඟින් ඉම්රාන් ඛාන් ඉල්ලා සිටි අතර ‘විශේෂයෙන්ම කාන්තාවන්ට’ ද පන්ජාබ් මැතිවරණය පිළිබඳ දැඩි වගකීමක් තිබෙන බව සිහිපත් කළේ ඔවුන්ට ද බලකාය සමඟ එක් වෙන්න යැයි ආරාධනා කරමිනි.
පසුගිය වසර 30 ක කාලයේදී පීඑම්එල්-එන් හා පීපීපී පක්ෂ දෙක මෙරට ජනතාවගේ ලේ උරා බොමින් අධිකරණ ක්‍රියාවලියත් විනාශ කළා.. ඔහු පවසන්නේය.
වර්තමාන ආණ්ඩුව තමන්ට විරුද්ධව නඩු අටක් හෝ නමයක් පවරන ලද අතර ඔවුන් උත්සාහ කළේ විරුද්ධ පක්ෂය අවසන් යන්න පෙන්වා දීමක් බව ද හිටපු අග්‍රමාතා්‍යවරයා සඳහන් කළේය. වංචාවෙන් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම සඳහා කොටි බලකාය සමඟ එක්වන ලෙස ඔහු යලිත් ඉල්ලා සිටියේ රජයේ වැරදි ද හුවා දක්වමිනි.









