අවුරුදු 101 වයසැති හිටපු නිසි වදකාගාරයක ආරක්ෂකයෙකු කටයුතු කළ ජර්මානු ජාතිකයෙකුට වසර 5ක සිර දඬුවමක් ජර්මානු අධිකරණයක් විසින් නියම කර තිබේ.
ජෝසෆ් ශුට්ස්ස නැමති මෙම පුද්ගලයා නාසි හමුදාවන් හී සොල්දාදුවෙකු ලෙස සේවය කර ඇති අතර එහිදී ඔහු වදකාගාරයක ආරක්ෂකයෙකු ලෙස සේවයේ යොදාව ඇත.
ආදල පුද්ගලයාට එරෙහිව පැවති නඩු විභාගයේදී ඔහු පුද්ගලයන් 3,518 දෙනෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට පත්විය.
ඒ අනුව ඉතිහාසයේ නාසි හමුදාවන්ට සහය දීමට අදාලව පැවති නඩු විභාගයක කැදවූ වයස්ගතම පුද්ගලයා බවටද ඔහු පත්වේ.
මෙම තැන්තා අදාල කාලයේදී සෝවියට් යුද සිරකරුවන්ට වෙඩි තැබීමට සහ සයික්ලෝන් බී වායුවෙන් අනෙක් ජනතාව ඝාතනය කිරීමට හවුල් වූ බවටද චෝදනා එල්ලවිය. මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බවත් තමන් එවන් කිසිම ක්‍රියාවකට සම්බන්ධ නොවූ බවද ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් ඔහුගේ ප්‍රකාශ පිලිගැනීමට නොහැකි බවත් අදාල කාලය තුලදී මෙම තැනැත්තා නාසි හමුදාවන්ට සම්බන්ධව ආදල ඝාතන වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවී ඇති බවට අධිකරණය ඉදිරියේ සානථ වී ඇත.
මෙම වරදකරුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නිවස ආසන්නයේ තිබූ ක්‍රීඩාගාරයක තාවකාලික අධිකරණයක් ස්ථාපනය කර නඩු විභාගය පැවැත්වීමද විශේෂත්වයකි.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අදාල තැනැත්තාට ජර්මනියේ ඉහළ අධිකරණයකට ඇපෑලක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී මේ අතර අදාල වරදකරුගේ වයස සැලකිල්ලට ගෙන සිරගත කිරීමේ තීරණය වෙනස් වීමටද ඉඩ පවතින බවටද වාර්තාවේ.