දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ ත්‍රිචී විශේෂ කඳවුර වසා දමන ලෙස ඉල්ලා දින හතළිහක ආහාර වර්ජනයක නිරත ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 27 දෙනෙකු සිහිසුන් වීම නිසා ඊයේ (28) දා රාත්‍රී ත්‍රිචී රෝහලක් වෙත ඇතුළත් කොට තිබේ.
ඔවුන් කියා සිටින්නේ මෙම විශේෂ කඳවුරේ ඔවුන් රඳවා සිටීම නිසා කිසිම රාජකාරී කටයුත්තකට පළාතෙන් ඉවත්ව යා නොහැකි බවත් ඔවුන්ට දැඩි ආර්ථික අහේනියක් උද්ගතව ඇති බවත්ය .
ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ විශේෂ කඳවුරේ රඳවා සිටින්නේ මත්ද්‍රව්‍ය හා වෙනත් අපරාධ වලට සම්බන්ධ බවට හඳුනාගත් විශේෂ පිරිසක් බවය.
කෙසේ වෙතත් මෙම කඳවුර වසා දමන ලෙස ඉල්ලා එම කඳවුරේ 70 කට අධික පිරිසක් දින හතළිහක සිට ආහාර වර්ජනයක නිරතව සිටිති.
ඔවුන්ට සහය දැක්වීම සඳහා වෙල්ලෝර් – වලජා වේල් කඳවුරේ 150 ක් පමණ පිරිසක්ද විරෝධතාවයක් ආරම්හ කොට තිබේ.